October 19, 2021

Ada Rata

All news in one location

UNOPS විධායක මණ්ඩල රැස්වීමේ දී නිත්‍ය නියෝජිත මොහාන් පීරිස්ගේ ප්‍රකාශනය



2021 ජුනි මස 15, කොළඹ – UNDP/UNFPA/UNOPS විධායක මණ්ඩලයේ වාර්ෂික සැසිය, 15 වැනි අයිතමය: ව්‍යාපෘති සේවා සඳහා එක්සත් ජාතීන්ගේ කාර්යාලයට (United Nations Office For Project Services – UNOPS) අදාළ කොටස පිළිබඳ රැස්වීම 2021 ජුනි මස 11 වැනි සිකුරාදා දින පවත්වන ලද්දේ අන්තර්ජාලය හරහා ය.  2021 සඳහා වන වාර්ෂික වාර්තාව සහ COVID-19 වංසගතයට ප්‍රතිචාර වශයෙන් නියෝජිතායතනය විසින් සිදුකරන ලද කාර්යභාරය ගැන තොරතුරු ද මෙහිදී ඉදිරිපත් කළේ මහ ලේකම්වරයා යටතේ පත්කරන ලද සහ UNOPS විධායක අධ්‍යක්ෂිකා ග්‍රේට් ෆැරෙමෝ විසිනි.  ග්‍රේට් මෙනෙවිය පැවසුවේ, “අපේක්ෂා මල්ඵල ගැන්වීම කෙරෙහි කැපවීමෙන් කටයුතු කරන UNOPS – තිරසාර ඉලක්ක ක්‍රියාත්මක කිරීම උදෙසා අපගේ හවුල්කරුවන් වෙත සහය දක්වමින් වඩා හොඳ අනාගතයකට පෙරමග බලමින් සිටියි” යනුවෙනි.     

එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් මැතිතුමා සිය කථාවේ දී, COVID-19 වසංගතය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දක්වන සෞඛ්‍ය ප්‍රතිචාර වෙත UNOPS දැක්වූ  සහයෝගය පැසසුවේය.  වෛරසයේ පැතිරීම මැඩපැවැත්වීම සහ පරීක්ෂණ ධාරිතාව ඉහළ නැංවීම උදෙසා අමෙරිකානු ඩොලර මිලියන 8.9ක් වටිනා හදිසි වෛද්‍ය සැපයුම් ලබාදීම වෙනුවෙන් UNOPS විසින් ප්‍රසම්පාදන ක්‍රමවේදයක් සාර්ථක ලෙස ක්‍රියාවට නැංවූ බව ද ඔහු මෙහිදී සඳහන් කළේ ය.  1998 වර්ෂයේ සිට ශ්‍රී ලංකාවේ සමාජ-ආර්ථික සංවර්ධන න්‍යායපත්‍රයට UNOPS හවුල්කරුවකුව සිටින බවත්, සුනාමි ව්‍යසනයෙන් අනතුරුව, යළි-ගොඩනැගීමේ කටයුතු හරහා සුනාමි ව්‍යසනයෙන් වු හානි වලට ප්‍රතිචාර දැක්වූ ශ්‍රී ලංකා රජයට සහය පළ කළ UNOPS,  2005 වර්ෂයේ පටන් සිය මෙහෙයුම් කටයුතු තවදුරටත් සැලකිය යුතු අන්දමින් පුළුල් කළ අයුරුත් ඔහු සිහිපත් කළේ ය.  ශ්‍රී ලංකාවෙහි තිරසාර වූත් දේශගුණයට ඔරොත්තු දෙන්නා වූත් යටිතල පහසුකම් සංවර්ධනය, ප්‍රසම්පාදන සේවා, ධාරිතා ඉහළ නැංවීම සහ ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳව කටයුතු වෙනුවෙන් UNOPS ලබාදෙන දායකත්වය ගැන ද ඔහු විශේෂයෙන්ම කරුණු දැක්වීය.  අධ්‍යාපනය, ධීවර කටයුතු, මහා මාර්ග, සෞඛ්‍යය, ජල සැපයුම් පද්ධති, ගංවතුර පාලනය, සනීපාරක්ෂාව සහ සමෝධානික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය යන ක්ෂේත්‍ර වලට අදාළ කටයුතු වලට මෙන්ම; මෑත කාලයේ දී මුහුණ දෙන මෙම වසංගත තත්ත්වයට ප්‍රතිචාර දැක්වීම වෙනුවෙන් ද සහය පළ කරන්නට UNOPS ඉදිරිපත්ව සිටින ආකාරය ඔහුගේ ඇගයීමට ලක්විය.        
    
එක්සත් ජාතීන්ගේ COVID-19 බහුවිධ හවුල්කාර භාරකාර අරමුදල වෙතින් ලැබුණු අරමුදල් උපයෝගී කරගනිමින්, ශ්‍රී ලංකාවේ කලුතර සහ ගම්පහ දිස්ත්‍රික්ක වල ක්ෂුද්‍ර හා කුඩා පරිමාණ ව්‍යවසායකයන් වෙත සහය දැක්වීම පිණිස භාණ්ඩ ප්‍රසම්පාදනය සඳහා UNOPS විසින් ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) සහ කම්කරු ලේකම් කාර්යාලය සමග එක්ව 2020 වර්ෂයේ දී කටයුතු කළ අයුරු ද මේ අවස්ථාවේ මොහාන් පීරිස් මැතුතිමා කෘතඥ පූර්වකව සිහිපත් කළේ ය.  ඒ ලබාදුන් සහය, COVID-19 වසංගත තත්ත්වයේ මුල් කාලයේ දී එකී ප්‍රදේශයන් හි සේවා ස්ථාන වල වෘත්තීය ආරක්ෂණය සහ සෞඛ්‍යය වැඩිදියුණු කරගැනීමට උපකාරී වූ අයුරු ගැන ද ඔහු වැඩිදුරටත් කරුණු දැක්වීය.           

එතුමා තවදුරටත් කියා සිටියේ, “මෙම වංසගත සමයේ UNOPS විසින් ලබාදෙන මෙම සහය ශ්‍රී ලංකාවට බලවත් ශක්තියකි.  මෙම අර්බුදයට ප්‍රතිචාර දක්වන අපගේ රජය වෙත මෙසේ උපරිම සහය ලබාදීමට UNOPS ගනු ලබන උත්සාහයන් මෙන්ම, අපගේ සෞඛ්‍ය සත්කාර පද්ධතියෙහි දිගුකාලීන ධාරිතාව ඉහළ නැංවීම වෙනුවෙන් දක්වන අනුග්‍රහය ද අපි බෙහෙවින්ම අගය කරමු.   COVID වසංගතයට එරෙහිව අප ගන්නා ප්‍රතිචාර වෙනුවෙන් UNOPS හි අඛණ්ඩ හවුල්කාරිත්වය මෙන්ම 2030 වර්ෂය සඳහා වන තිරසාර සංවර්ධන න්‍යායපත්‍රය සාක්ෂාත් කරගැනීමට අවශ්‍ය අනුග්‍රහයත් අප වෙත ලබාදෙන්නට UNOPS විසින් සියලු පියවර ගනු ඇතැයි අපි උදක් ම අපේක්ෂා කරමු” යනුවෙනි.   




Source link