October 17, 2021

Ada Rata

All news in one location

Stand up For your Rights


ඔහු මියගොස් වසර 40ක්. සංගීතය ආත්මය කොට ගත් “රොබට් නෙස්ටා මාලේ ” වසර 36 ක් වු කෙටි ජිවිතයේ මේ පොළොවේ මිනිසුන්ට දිගු කල් විදින්නට,දැනෙන්නට බොහෝ දේ ඉතිරි කර ගියා.රෙගේ කලාවේ රජු ලෙස කිරුළු පළන් බෝබ් මාලේ තරම් සංගීතය මිනිසුන්ගේ සන්තානය අවදි කරන්නට හැකි බව ඔප්පු කළ ගායකයෙක් අසුව දශකයේ බිහි වුයේ නැහැ.සංගීතය තුලින් මිනිසුන්ගේ නිදහස ත් ,ආදරය ත් බිහිවන් බව සපථ කල මාලේ තම සංගීත කන්ඩායම වන “ද වෙයිලර්ස් “සමඟ ලෝකය අමන්දානන්දය ට පත් කළා.

සුදු ජාතික මධ්‍යම පන්තික පියෙකුට සහ කළු ජාතික මවකට දාව ජැමෙයිකාවේ උපදින මාලේ කුඩා කළ ම දුප්පත්කමින් පිඩා වින්දා.බ්‍රිතන්‍ය රජයට සේවය කළ නාවුක රැකියාවක් කළ තම පියා ඔහුට මුණ ගැසී තිබුනේ කීප වරක් පමණයි.වයස 14 දී ජමෙයිකාවෙන් කිංග්ස්ටන් වලට පැමිණෙන මාලේ සංගීතය වෙනුවෙන් කැප උණා.1972 දී බ්‍රිතාන්‍ය ට පැමිණෙන මලේ තම සංගීත කණ්ඩායමත් සමඟ ඔහුගේ ජාත්‍යන්තර තරණය ආරම්භ කළා.

“කැච් අ ෆයර්” නම් වූ ඇල්බමය BBC රුපවහිනියත් සමඟ වූ වැඩසටහනිකින් ඉදිරිපත් කිරීමත් සමඟ ඔවුන් වෙත ප්‍රේක්ෂක ආකර්ෂණය ගලා එන්නට වුණා.”නෝ වුමන් නෝ ක්‍රයි” සහ” බෆලෝ සොල්ජර්” සෑම නිවසකම මුමුණන ගීත ඛණ්ඩ බවට පත් උණා.”ගෙට් අප්‍ ස්ටෑන්ඩ් අප්” විප්ලවීය නිදහසේ තේමා පාඨය ලෙස වැළඳ ගනිද්දී තරුණයින්ගේ උන්මාදයක් බවට පත් වූ බොබ් මාලේ ගේ කොන්ඩ විලාසිතාව සහ මරිජුවානා භාවිතය ලෝකය පුරා ලැව් ගින්නක් සේ පැතිර ගියා.”එක්සොඩස් ” ඇල්බමය ටයිම්ස් සඟරාව මගින් ශත වර්ෂයේ හොඳම ඇල්බමය ලෙස නම් කළ අතර වන් ලව් සහ රිඩෙම්ප්ෂන් යන ගීත ජනප්‍රියත්වයේ හිනි පෙත්තට ළඟා වුණා.

1980 ජුලි 13 දින එක්සත් රාජධානි යේ දී තම අවසන් ප්‍රසංගයට සහභාගි වු බෝබ් මාලේ 1981 වර්ෂයේ මයි මස 11 වෙනි දින පිළිකා රෝගයකින් මිය යන විට සමස්ත ලෝකයම ඔහු වෙනුවෙන් හඬා වැටුණේ ඔහුගේම ගීත ලෝකයට විකාශනය කරමිනුයි..ඒ ආදරණිය මිනිසා අනුස්මරණය වෙනුවෙන් තබන සටහනකි මේ.

The post Stand up For your Rights appeared first on | Sri Lanka Hot News.



Source link