November 29, 2021

Ada Rata

All news in one location

SLIIT ආයතනය රජයට පවරා ගැනීමට සැරසේ


යහපාලන රජය විසින් පෞද්ගලික අංශයට විකුණා දැමූ මාළඹේ SLIIT ආයතනය නැවත රජයට පවරා ගැනීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද දින කෑගල්ල ප්‍රදේශයේ ලංකා සතොස නව අළෙවිසැලක් විවෘත කිරීමේ අවස්ථාව සඳහා එක් වෙමින්.

යහපාලන රජය විසින් මාලඹේ තොරතුරු තාක්ෂණ ආයතනය වංචාකාරී ලෙස පෞද්ගලික අංශයට විකුණා දැමූ නමුත්, අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් හා නීති අංශ වල සහයෝගය ලබා ගනිමින් නැවතත් මෙම ආයතනය මහපොළ භාරකාර අරමුදල් මණ්ඩලය යටතට ලබා ගැනීමට කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් ඔහු අදහස් පළ කළා.

මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා, රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහත්මිය, හිටපු පළාත් සභා මන්ත්‍රී අජිත් ශාමින්ද මහතා, කෑගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ජගත් ජයසිංහ මහතා, ගල්ගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති සමන් ජයසිංහ මහතා සහ ලංකා සතොස සභාපති රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.

එම ප්‍රකාශය පහතින්….. (colombotimes.lk)

Viber



Source link