October 28, 2021

Ada Rata

All news in one location

Online ඉගැන්වීමෙන් අසීමිත ලාබ ලබමින්..


June 20, 2021 at 6:22 am | lanka C news

Online ඉගැන්වීමෙන් අසීමිත ලාබ ලබමින්..

හෙල බොදු සවිය සංවිධානය විසින් ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා වෙත යොමු කරන ලද ලිපියක් දැක්වෙයි.

ගරු ජනාධිපති තුමා.
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01
2021.06.19

ගරු ජනාධිපති තුමනි.

ඔන්ලයින් (Online)අධ්‍යාපනය මගින් දුරකතන සමාගම් අධික ලාභයක් ලබයි. එම ලාභයෙන් කොටසක්  දරුවන්ගේ අධ්‍යාපනයට  යොදවමු.

කොවිඩ්19 වසංගතය නිසා දැනට වසර එකහාමරක් සිට සියලු දරුවන්ගේ අධ්‍යාපනය විශාල ලෙස අඩාල වි ඇත. මෙම තත්වය තුළ සියලුම අධ්‍යාපන කටයුතු  ද විවිධ රැස්වීම් ඕන්ලියන්(Online) ක්‍රමයට සිදු වෙන බව ඔබ අප දන්නා කරුණකි. මේ නිසා ලංකාවේ ඇති දුරකතන සමාගම් අධික ලාභයක් ලබන්ට හැකිව ඇත. අද වනවිට කොවිඩ් වසංගය නිසා  ලාභ ලබන ආයතන බවට මෙම ව්‍යාපාර පත්ව ඇත. විපතේ දි අප සැම එක්ව එම විපතින් ලෝක සත්වයම ආරක්ෂා කර ගැනිමට පෙරට ආයුතු කාලය බව මෙම දුරකතන සමාගම් ද නොදන්නා කරුණක් නොවේ. විපත සම්පතක් ලෙස කටයුතු කිරිම මනුෂ්‍ය සමාජයට සුදුසු ක්‍රියාදාමයක් නොවේ. ගරු ජනාධිපති තුමනි, ඔබතුමාගේ මැදිහත් විම අවශ්‍ය මොහොතයි. එම සාමගම් සමගද, මෙරට රූපවාහිනි සමාගම් සමග සම්මුතියකට පැමිණ ඔන්ලයින්(Online)අධ්‍යාපනය වෙනුවට අද වන විට රූපවාහිනි යොදා ගැනිම සුදුසුම ක්‍රියා දාමයකි. අදවන විට රූපවාහිනි තරංග රට පුරාම පැතිරි ඇත. එබැවින් මෙම සමාගම් සියල්ල එකතු කර සභාවක් ඇති කර කාල සටහනකට අනුව විධිමත් අධ්‍යපනය රූපවාහිනි ආයතන හරහා රට පුරා විකාශනය කිරිමට කටයුතු කරන සැළස්මක් නිර්මාණය කරන ලෙස ඉල්ලා සිටිමු.මහා පරිමාණයෙන් පුද්ගලික පංති කරන ගුරුවරුන් ද කිසිම මානුෂික හැගිමකින් තොරව ක්‍රියා කරනු පෙනේ.එහි දි ඔවුන්ට නිබන්ධන පිටපත් කර දෙන්න ඕනෑ නැත. ශාලා ගස්තු නැත. සේවක දිමානා නැත.විදුලි හා ජල බිල් නැත.එහෙත් ඔහුන්ගේ පංති ගාස්තුවල අඩුවක් ද නැත.

අපරට තුළ සිටින දෙමාපියන්ට දරුවන්ගේ අධ්‍යාපනය තරම් වැදගත් දෙයක් තවත් නැත. තම පියාට ඇති වකුගඩු රෝගයට බෙහෙත් ගන්න ඇති මුදල් දරුවන්ගේ අධ්‍යාපනය සදහා ඩේටා(Data) ලබා ගැනිමට යොදවන දෙමාපියන් සිටින රටකි. එ් මගින් කියවෙන්නේ තමන්ගේ ජිවිතයට වඩා දරුවන්ගේ අධ්‍යාපනය වැදගත් බව මව්පියන් සිතින බවයි. තමන්ට යාමට නොහැකි වු ස්ථානයට දරුවන් රැගෙන යාම දුප්පත් දෙමාපියන්ගේ අරමුණයි. මෙම දරුවන් කුඩා ස්මාට් ෆොන්(Smart Phone) එක ලග වැඩි වෙලාවක් සිටීම මගින් එම දරුවන්ගේ මානසිකත්වය හා ඇස් දුර්වල විමේ ප්‍රවනතාවය වැඩි බව දැනටමත් වෛද්‍යරුන් ප්‍රකාශ කර ඇත. එම නිසා(Online) ඔන්ලයින් අධ්‍යාපනය සදහා දුරකතන සමාගම් හරහා ඩෙටා(Data) අඩුවෙන් වැයවන අයුරින් ක්‍රමවේදයක් (කේත)හදුන්වා දිම කළ යුතුය. උදහරණයක් ලෙස 119 වැනි කේතය වැනි ක්‍රමවේදයක් හදුන්වා දි ඒ හරහා ඩේටා(Data) නිකුත් කරන විධිමත් වැඩ සටහනකට පැමිණම අත්‍යවශ්‍ය කරුණකි. තවද? රජය හා පුද්ගලික රූපවාහිනි හරහා දරුවන්ගේ අධයාපනය ගැන මිට වඩා විධිමත් සැළැස්මක් අවශ්‍ය බව ඔබ තුමාගේ දැඩිව අවධානය යොමු කර සිටිමු. මේ සම්බන්ධයෙන් ක්‍රියා කරනු ඇතැයි අප තරයේ විශ්වාස කර සිටිමු.

තෙරුවන් සරණයි

මෙයට
සසුන්ලැදි

බුදුගල ජිනවංස හිමි
සභාපති

1,658 views



Source link