December 5, 2021

Ada Rata

All news in one location

LPL තරගාවලියේ Icon ප්ලේයර්ස්ලා නම් කරයි



2022 ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩකයන් තෝරා ගැනීම මේ වනවිට සිදුවෙමින් තිබෙනවා.

තරගාවලියේ ඒ ඒ කණ්ඩායම්වල Icon ප්ලේයර්ස්ලා මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබේ.

පසුගියවර ශූරතාවය දිනාගත් ජැෆ්නා කණ්ඩායමේ දේශීය Icon ප්ලේයර් ලෙස තිසර පෙරේරා නම්කර ඇති අතර ඔහු ජැෆ්නා කණ්ඩායමේ නායකයා ලෙසද කටයුතු කරයි. එම කණ්ඩායමේ විදේශීය Icon ප්ලේයර් ලෙස දකුණු අප්‍රිකාවේ ෆැෆ් ඩුප්ලෙසි තෝරාගෙන තිබේ.

පසුගිය වර අනුශූරතාවය දිනාගත් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ දේශීය Icon ක්‍රීඩකයා ඉසුරු උදාන වන අතර විදේශීය Icon ක්‍රීඩකයා වන්නේ පකිස්තානයේ මොහමඩ් හෆීස්ය.

දඹුල්ල කණ්ඩායමේ Icon ක්‍රීඩකයන් ලෙස දසුන් ශානක සහ දකුණු අප්‍රිකාවේ ඉම්රාන් තාහීර් තෝරාගෙන ඇති අතර කොළඹ කණ්ඩායමේ Icon ක්‍රීඩකයන් ලෙස දුෂ්මන්ත චමීර සහ කොදෙව් සුපිරි ක්‍රීඩක ක්‍රිස් ගේල් තෝරාගෙන තිබෙනවා. නුවර කණ්ඩායමේ Icon ක්‍රීඩකයන් වන්නේ චරිත් අසලංක සහ කොදෙව්හි රෝමන් පවෙල්ය.

මීට අමතරව ඩයමන්ඩ් විදෙස් ක්‍රීඩකයන් ලෙස වහාබ් රියාස් (ජැෆ්නා), අහ්මඩ් ෂෙහ්සාඩ් (කොළඹ), රිලී රොසෝව් (දඹුල්ල), ටබ්රයිස් ශම්සි (ගාල්ල), කැමරන් ඩෙල්පොර්ට් (නුවර) තෝරාගෙන තිබෙනවා.




Source link