October 19, 2021

Ada Rata

All news in one location

LPL තරගාවලියට දින නියම වෙයි




– 12 05 2021
– 21:29
– {{hitsCtrl.values.hits}} views

– රුවන් කාශ්‍යප




ලංකා ප්‍රිමියර් ලීග් (එල්පීඑල්) තරගාවලියේ දෙවැනි අදියර ජූලි 30 සිට 2021 අගෝස්තු 22 දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

 ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණ කමිටුවේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ප්‍රකාශ කළේ තරගාවලිය පැවැත්වීම සඳහා සුදුසු කාලසීමාවක් හමුවූ බවත් තරගාවලියේ අනෙකුත් සංවිධාන කටයුතු ඉදිරියේදී අවසන් කිරීමට නියමිත බවත්ය.

ශ්‍රී ලංකාවේ ඉහළම දේශීය විස්සයි 20 ලීගය වන එල්පීඑල් හි පළමු තරගාවලිය පසුගිය වසරේදී පැවැති අතර එය කණ්ඩායම් කණ්ඩායම් 05 ක සහභාගීත්වයෙන් හැම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීය.

පළමු අදියර සාර්ථක ජෛව බුබුලු පරිසරයක් යටතේ පැවැත්වූ අතර දෙවැනි තරගාවලිය පැවැත්වීමට මත්තෙන් රටේ තත්ත්වය තක්සේරු කර තරඟාවලිය පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරන බව ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් නිවේදනය කරයි.





Source link