October 19, 2021

Ada Rata

All news in one location

LOCKDOWN යෝජනාව අද කැබිනට් මණ්ඩලයට


පවතින තත්ත්වය මත රට පූර්ණ වශයෙන් වසා දමන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් වන යෝජනාවක් අද පස්වරුවේ පැවැත්වෙන කැබිනට් මණ්ඩලයෙදී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව වාර්තාවේ.

ඒ අනුව පූර්ණ වශයෙන් වසා දමන්නේ ද අර්ධ වශයෙන් වසා දමන්නේ ද යන්න ගැන එහිදී අවසන් තීරණයකට එළැඹීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක ඇමති උදය ගම්මන්පිල ප්‍රකාශ කර සිටියේය.

මේ අතර රට වසා දැමීමකට සූදානමින් සිටින ලෙස අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන ප්‍රධානීන් මේ වන විටත් දැනුවත් කර ඇත.





Source link