October 25, 2021

Ada Rata

All news in one location

ICU ඕනෑ… ඔක්සිජන් ඕනෑ.. වෙන්ටිලේටර් ඕනෑ.. දානපතියනි අපට උදවු කරන්න.. පොඩි දෙයක් හරි දෙන්න..


May 15, 2021 at 10:23 pm |

ICU ඕනෑ… ඔක්සිජන් ඕනෑ.. වෙන්ටිලේටර් ඕනෑ.. දානපතියනි අපට උදවු කරන්න.. පොඩි දෙයක් හරි දෙන්න..- සුදර්ශිනී රටෙන්ම අයදී…

කොරෝනා පාලනය සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට සහයෝගය ලබා දෙන්නැයි මෙරට දානපතියන් ඉල්ලා සිටින බව කොරෝනා පාලන කටයුතු රාජ්‍ය ඇමතිනි සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඉල්ලා සිටියි.

අද වන විට රෝහල් පද්ධතියට දැඩි සත්කාර ඒකක, ඔක්සිජන් පහසුකම්, කෘතිම ස්වසන ආධාර යන්ත්‍ර ඇතුළු උපකරණ අවශ්‍ය වී ඇතැයිද ඇය කියා සිටියාය.

සෞඛ්‍ය අමාත්‍යාංශයට, තම ප‍්‍රදේශයේ රෝහලට තමන්ට හැකි ආකාරයෙන් පුංචි හෝ උපකාරයක් කරන්නැයි සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බවද ඇය සඳහන් කළාය.

කොරෝනා පාලන වැඩසටහන අනුව ස්ථාපිත කරන ලද ඇමතුම් මධ්‍යස්ථානය නිරීක්ෂණය කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇය මෙම ඉල්ලීම කලාය.

5,467 views



Source link