December 4, 2021

Ada Rata

All news in one location

FIFA සභාපති පැමිණෙයි




– 19 11 2021
– 10:56
– {{hitsCtrl.values.hits}} views

– ..




ලෝක පාපන්දු සම්මේලනයේ ( FIFA ) සභාපති ජියෝවානි ඉන්ෆැන්ටිනෝ මහතා අද (19දා) උදෑසන දෙදින නිල සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .ඔහු සමග ලෝක පාපන්දු සම්මේලනයේ උසස් නිලධාරීන් පස් දෙනෙකු ද දූත පිරිස ලෙස පැමිණ සිටියහ.

ඔවුන් 11/19 දින උදෑසන 08.15 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට කිව්.ඊ.- 574 දරන ග්ලෝබල් බොම්බැඩියර් – 5000 වර්ගයේ පෞද්ගලික ජෙට් ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි. 

මෙම පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ , ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

අද පැවැත්වීමට නියමිත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පාපන්දු තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ෂීෂෙල්ස් අතර පැවැත්වීමට නියමිත අවසාන මහා තරගයේ ප්‍රධාන අමුත්තා ලෙස ද ඔහු  සහභාගී වීමට නියමිතය. සභාපතිවරයා ඇතුළු දූත පිරිස හෙට දිනයේදී ශ්‍රී ලංකා සංචාරය නිමා කර ආපසු පිටත්ව යාමට නියමිතය .





Source link