November 29, 2021

Ada Rata

All news in one location

DP EDUCATION අධ්‍යාපන නාලිකාව තවත් පියවරක් ඉදිරියට



මාර්ගගත අධ්‍යාපනයේ තවත් කඩඉමක් පසුකරමින් DP EDUCATION හි ඇප් 1000ක් බාගත කර තිබේ.

සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම මෙය ක්‍රියාත්මක හෙයින් බොහෝ දෙනා අතර ජනප්‍රිය නාලිකාවක් බවට පත්ව ඇත.

ඒ අනුව දිනෙන් දින DP EDUCATION වෙත එක්වන දරු දැරියන් ගණන වර්ධනය වෙමින් තිබෙන අතර පළමු ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වාම සියලුම විෂයන් පාහේ ඉගැන්වීම් සිදුකෙරෙයි.

එපමණක් නොව DP KIDS මෙන්ම සාමාන්‍ය දැනුම වර්ධනය කරන තොරතුරුද DP EDUCATION වෙතින් ළඟා කර දී තිබේ.

කෙටි කලකින් මහත් ජනප්‍රියතාවට පත් මෙම අධ්‍යාපන නාලිකාව ඔස්සේ මොරටුව විශ්වවිද්‍යාලය සමඟ ඒකාබද්ධව ගණිතය, ඉංග්‍රීසි සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ ඩිප්ලෝමා පිරිනැමීමට ද DP Education මාර්ගගත අධ්‍යාපන වැඩපිළිවෙල සකස් කර ඇත.

අධ්‍යාපනයේ නිම්වළලු පුළුල් කරමින් බුද්ධිමත් ප්‍රජාවක් බිහිකිරීම වෙනුවෙන් DP EDUCATION පෙරටුගාමී ගමනක යෙදී සිටියි.




Source link