October 26, 2021

Ada Rata

All news in one location

DEEP FAKE නිසා සමාජ මාධ්‍ය පරිහරණය කරන්නන් අවධානමක 📹


නව තාක්ෂණය දෛනික වැඩකටයුතු පහසු කළද ඒවායේ අඳුරු පැතිකඩක්ද පවතිනවා.

අද වන විට නව තාක්ෂණය උපයෝගී කරගනිමින් වැඩිහිටි වෙබ් අඩවි සහ වීඩියෝපට නිර්මාණය කිරීමේ ප්‍රවණතාවක් ද මතුව තිබෙනවා.

මෙම නව ප්‍රවණතාව හඳුන්වන්නේ DEEP FAKE ලෙසයි.

එමඟින් විවිධ මූලාශ්‍ර මගින් ලබාගන්නා ඡයාරූප යොදාගෙන ලිංගික දර්ශන ඇතුළත් චිත්‍රපටවලට සහ විවිධ ක්‍රියාකාරකම් නිරූපණය වන සිද්ධීන් සඳහා යොදා ගැනෙනවා.

එනම් යමෙකුගේ අවසරයක් නොලබාම කතා නොකළ හෝ සිදු නොකළ දෙයක් කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් මවා පෙන්වීමට හැකියාව පවතිනවා.

මෙමඟින් facebook, tiktok, instagramවැනි ජනප්‍රිය සමාජ මාධ්‍යයන් පරිශීලනය කරන වැඩිහිටි ප්‍රජාව මෙන්ම පාසල් වයසේ පසුවන දරුවන්ටද දැඩි බලපෑම් එල්ල වෙනවා.

මේ වන විටත් පරිගණක අපරාධකරුවන් විසින් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්, ලෝක ප්‍රකට හොලිවුඩ් නළු ටොම් කෲස්, හිටපු අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඇතුළු ලෝකප්‍රකට චරිත රැසකගේ ඡයාරූප සහ හඬපට ව්‍යාජව සකසා සැබෑ ලෙස නිර්මාණය කර තිබෙනවා.



Source link