January 24, 2022

Ada Rata

All news in one location

BBC ජෙරමි පැක්ස්මන්ගෙන් චමුදිතලා උගත යුතු දේ



British Broadcasting Corporation හෙවත් BBC මාධ්‍ය ආයතනයේ දශක කිහිපයක් සේවය කළ ජෙරමි පැක්ස්මන් ලොව බොහෝ දෙනාගේ පැසසුමට ලක් වූ මාධ්‍යවේදියෙකි. ඔහුගේ මාධ්‍ය දිවියේ කැපී පෙනෙන වැඩසටහන නිවුස් නයිට් වැඩසටහනයි.

නිවුස් නයිට් සඳහා සහභාගි වන ආරාධිතයන් බොහෝ දෙනා අමාරුවේ වැටෙන්නේ ජෙරමිගේ සෘජු ප්‍රශ්න කිරීම් හරහායි. වචන කිහිපයකින් ප්‍රශ්න අහන ජෙරමි, අමුත්තන් ලබාදෙන පිළිතුරු හරහාම ආරාධිතයා අමාරුවේ දැමීමට ජෙරම් සමත්ය.

සාමාන්‍යයෙන් සම්මුඛ සාකච්ඡාවකදී මාධ්‍යවේදියා 20% ක් හා ආරාධිතයා 80% ක් කතා කළයුතු බව මාධ්‍ය ක‍්ෂේත්‍රය තිබෙන මිනුම් දණ්ඩයි. ජෙරමි පැක්ස්මන් යනු ඊට හොඳම උදාහරණයයි.

ජෙරමි පැක්ස්මන්ලා වැන්නන් විරල මාධ්‍ය ක්ෂේත්‍රයේ, වැඩිපුර සිටින්නේ ජෙරමිලාගේ ප්‍රති-පාර්ශ්වයයි.

ඊට හොඳම උදාහරණය ලංකාවේ චමුදිත සමරවික්‍රමයි. චමුදිත සමග සම්මුඛ සාකච්ඡාවලට සහභාගි වන පුද්ගලයන්ට සිදුවන්නේ චමුදිත කතා කරන අයුරු බලා සිටීමට පමණි. චමුදිත වෙනත් පුද්ගලයන් සමග සම්මුඛ සාකච්ඡා පවත්වන්නේ ඔහුට කතා කිරීමට අවශ්‍ය නිසා මිස සම්මුඛ සාකච්ඡාවට සහභාගි වන පුද්ගලයාගේ අදහස්වල ඉඩ ලබාදීමට නොවේ.

එවන් අභාග්‍ය සම්පන්න ඉරණමකට මුහුණ දුන් අලුත්ම පුද්ගලයා වන්නේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතායි. රනිල් වික්‍රමසිංහ මහතා යනු දේශපාලනය පිළිබඳව පමණක් නොව ඕනෑම ක්ෂේත්‍රයක් පිළිබඳව මනා දැනුමක් සහිත පරිණත පුද්ගලයෙකි. කෙසේ නමුත් චමුදිත වැනි මාධ්‍යවේදියෙකු ඉදිරියේ ඒ දැනුම, ඒ පරිණතභාවය අදාල නැත.

චමුදිත සමග සාකච්ඡාවට පැමිණි එජාප නායකයාට සිදුවූයේ චමුදිත කියන දේට අලගු තැබීමට පමණි, එසේ නැතහොත් එකදිගට කතා කරන චමුදිත විඩාව නිවා ගන්නා ඉසිඹුවකදී යමක් ප්‍රකාශ කිරීමට පමණි.

චමුදිත සමග සාකච්ඡාවලට පැමිණෙන ඕනෑම පුද්ගලයෙකුට අත්වන්නේ මෙවැනි ඉරණමකි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතාට පසුගියදා හිරු රූපවාහිනී නාලිකාවේදී අත්වූයේද එවැනිම ඉරණමකි.

දේශපාලනඥයන්, පොලිස් නිළධාරීන්, වෛද්‍ය විශේෂඥයන් ඇතුළු බොහෝ දෙනා සමග පැටලුනු චමුදිත හොට පටලා ගත්තේ පියුමි හංසමාලි සමග පැටලීමෙනි. රනිල් වික්‍රමසිංහලා, අජිත් රෝහණලා තම කටින් සරෙන්ඩර් කරගත් චමුදිතට පියුමි හංසමාලි සරෙන්ඩර් කරගත නොහැකි විය. අවසානයේදී පැටලුම් ඇර ගැනීමට Youtube දුක අහන අයියලා ලවා ඉන්ටවීව් කර ගැනීමට සිදුවන තැනටම පියුමි හංසමාලි විසින් චමුදිත ඇදදමා තිබිණි.

චමුදිත සිය නිවසේ දේව පින්තූරයක් මෙන් තබාගෙන වැඳුම් පිදුම් කළේ ලලිත් කොතලාවල මහතාගේ පින්තූරයටයි. ඊට හේතුව ඔහු පදිංචිව සිටින නිවස ලබා දී ඇත්තේ ලලිත් කොතලාවල මහතා නිසාය. කෙසේ නමුත් පසුගිය කාලයේදී ලලිත් කොතලාවල මහතාගේ පින්තූරය ගැලවී ඇති බවද වාර්තා වේ. ඇතැම් විට කොතලාවල වෙනුවට පියුමි හංසමාලිගේ පින්තූරයක් එතැනට ආදේශ වී ඇතිවා විය හැකිය.




Source link

hurawatch yesmovies movies7 flixtor fmovies watch32 moviesjoy soap2day gogoanime solarmovie 123 series 9anime putlocker new site bflix myflixer soap2day movies bflix losmovies myflixer soap2day 123series hdtoday primewire ssoap2day putlocker 123movies f2movies 123movie watchseries watchserieshd myflixer movies2watch swatchseries soap2day putlocker fmovies flixhq