January 24, 2022

Ada Rata

All news in one location

A-5 මාර්ගයේ කොටසක් ජනතා අයිතියට


පේරාදෙණිය – බදුල්ල – චෙන්කලාඩි ( A005 ) මාර්ගයේ කොටසක් අද (28) ජනතා අයිතියට පත්කෙරුණා.

එය සෞදි අරමුදල් යටතේ රු.මිලියන 7200 ක් වැය කර සංවර්ධනය කර තිබෙනවා.

මෙසේ ජනතා අයිතියට පත්කෙරුණේ බිබිල සිට චෙන්කලාඩි දක්වා කි.මි 86.7ක මාර්ග කොටසක්.

මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත් තුන යා කෙරෙන පේරාදෙණිය – බදුල්ල – චෙන්කලාඩි ( A005 ) මාර්ගය දිගින් කි.මි 275ක් වනවා.

මෙය ජනතා අයිතියට පත් කිරීම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින සිදු කෙරුණා.

මෙම මාර්ගය ඉදිකිරීමේ ශක්‍යතා අධ්‍යනය 2014 වසරේ දී සිදු කර තිබෙනවා.

මාර්ග කොටස අදියර 3ක් යටතේ දේශීය ඉදිකිරීම් සමාගම් 2 ක් මඟින් සංවර්ධනය කර තිබෙනවා.

පළමු අදියර ලෙස බිබිල සිට පදියතලාව දක්වා කි.මි 29 ක් සංවර්ධනය කර ඇති අතර එහි දෙවන අදියර පදියතලාව සිට ටැම්පිටිය දක්වා කි.මි 30 ක් සංවර්ධනය කර තිබෙනවා.

ටැම්පිටිය සිට චෙන්කලාඩි දක්වා කි.මි 27.7 ක් තුන්වන අදියර ලෙස සංවර්ධනය කර ඇත.

බිබිල සිට චෙන්කලාඩි දක්වා මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය සඳහා රු.මිලියන 7,200 ක මුදලක් වැය කර තිබෙනවා.

මෙම මාර්ග කොටස සංවර්ධනය කිරීම සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදල ව්‍යාපෘතිය SFD ( Saudi Fund for Development ) මඟින් මූල්‍යාධාර සපයා ඇති බවද සඳහන්.

මාර්ග කොටස ඉදිකිරීම වෙනුවෙන් ඉඩම් හා දේපළ අහිමු වූ බිබිල, රිදීමාලියද්ද, පදියතලාව සහ මහඔය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය වලට ජනතාව වෙනුවෙන් මේ වන විට රු.මිලියන 12.4 ක මුදලක් ගෙවා අවසන් බව වැඩිදුරටත් දැක්වෙනවා.

මෙම අවස්ථාවට පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ව පාලන හා සුළු ආර්ථික බෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය එස්. වියලේන්ද්‍රන් මැතිතුමා, සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදලේ ප්‍රධාන විධායක නිළධාරී සුල්තාන් අල් මර්ශාඩ් මැතිතුමා, මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පිරිසක් සහභාගි වුණා. (colombotimes.lk)

Viber



Source link

hurawatch yesmovies movies7 flixtor fmovies watch32 moviesjoy soap2day gogoanime solarmovie 123 series 9anime putlocker new site bflix myflixer soap2day movies bflix losmovies myflixer soap2day 123series hdtoday primewire ssoap2day putlocker 123movies f2movies 123movie watchseries watchserieshd myflixer movies2watch swatchseries soap2day putlocker fmovies flixhq