October 19, 2021

Ada Rata

All news in one location

9/11 කළු අඟහරුවාදා දිවි ගලවා ගත් මතක..



අවුරුදු 20 කට කලිං 2001 සැප්තැම්බර් 11 වෙනි අඟහරුවාදා දවස කාටත් මතක සුන්දර දිනයක් විදියට නෙමෙයි. එදා උදේ 8.46 ට බොස්ටන් සිට සැන් ෆ්‍රැන්සිස්කෝ දක්වා පියාසර කළ මගීන් 93 දෙනෙකු පමණ රැගත් American Airlines Boeing 767 වර්ගයේ ගුවන් යානයක් (Flight 11) එක්සත් ජනපදයේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ උතුරු කුළුනේ ගැටුනේ ත්‍රාසය සහ භීතිය යන පද වලට අලුතින් නිර්වචන එක්කරමින්.

මෙම ගුවන් යානය ගැටුනේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ උතුරු කුළුනේ 93 වන මහල පිහිටි කලාපයටයි.

ඒ වෙනකොට සමාජ මාධ්‍ය තිබුනේ නැහැ. අන්තර්ජාලය ක්‍රියාත්මක වන්නට ඇති. නමුත් ඊටත් වඩා රූපවාහිනිය, ගුවන්විදුලිය සහ පුවත්පත ගිනිබත් කරවමින් සෑම මුල්පිටුවකම පාහේ මෙම සිදුවීමේ ඡායාරූප පළවූවා.

මේ කතාව කියන මම ඒ වන විට හිටියේ 80 වන මහලේ. මම සේවය කරේ Beast Financial Systems ආයතනයේ. මා කිසිදිනක මාරාන්තික සතුරු ප්‍රහාරයක වින්දිතයකු වී තිබුනේ නැහැ.. වෙනකක් තබා රූපවාහිනියේ හෝ සිනමාවේ බිහිසුණු දසුන් පවා මට බලන්නට බැහැ. නමුත් මා එයට මුහුණ දුන්නා.

බටහිර සාර්ධර්ම හා ඇමරිකානු මැදිහත්වීම් කෙර් වෛරයෙන් පසුවූ, සදාතනික ප්‍රාණ පරිත්‍යාගය සෙවීමේ උමතුවෙන් පෙළි ඉස්ලාම් ත්‍රස්තවාදීන් විසින් ක්‍රමානුකූලව සැලසුම් කළ බිහිසුණු ජන සංහාරයක් එලෙස දියත් වූවා.

එම මොහොතේ ඇඩ්‍රිනලින් මගේ සිරුර පුරා දිවගියා. හුස්ම ගැනීම කෙටි හා වේගවත් වූ බව දැනෙන්නට වුනා. එහෙත් මට ක්ෂණිකව ක්‍රියාත්මක වන්නට සිදුවූවා. කුළුණේ ගැටුනු ගුවන් යානයේ ඉන්ධන ගැලුම් 24,000 තිබුණු බවට කියවුනා. ඉන් වැඩි ප්‍රමාණයක් කුළුනේ සෝපාන පතුවළකට කඩාගෙන වැටුනා. කුළුනේ මහල් 93ක් පසුකරමින් පහළම මහල වෙත යන විට එය ගිනි බෝලයක් බවට පත්ව තිබුණා. එම ගිනි බෝලය උතුරු කුළුනේ ලොබිය පුරා විහිදී ගියා. එහි පීඩනය 110 වෙනි ඉහළම මහල දක්වා දිවගියා. මා ඉන් දිවි ගලවා ගත්තා, දිවි බේරා ගෙන දිව යන්නේ කොයිබටද යන්න සිහියෙන් තොරව දිව ගියා.. මා අවට සිටි අය දිවි පුදන්නට ඇති. මාගේ දිවි බේරී ඔවුන්ගේ දිවි අහිමි වූයේ ඇයි ද යන්න මා දන්නේ නැහැ.

මට සිහිය එන විට, මා සිටියේ සුනුවිසුනු වී ගිය සුන් බුන් අතරමැද සිරවී. ඒ මතකය අන්දකාරයි, අපහැදිලියි, නමුත් එම මොහොත මෙසේ වන්නට ඇතිය කියා මාගේ මනසේ සිත්තම් වී තිබුණා. කාලය ගෙවී යන්නට ඇති.. මගේ සිරුර සහ මනස ඉතා අමුතු ලෙස හිරිවැටෙන්නට ගත්තා.

අවකාශයේ මා සිටින්නේ කුමන දිශාවේද යන්න මට වැටහීමක් තිබුනේ නැහැ. මා සිටින්නේ කොතැනද යන්න දැනගැනීමට නැඟිට සිටීමට මා උත්සාහ කළා. එහෙත් නැඟිටීමට මට පණ නැහැ. මා එතැනම වැතිර සිටියා. සිදුවූ විනාශයෙන් මාගේ මුඛය සහ දිව වෙත විසිර ගොස් තිබූ සුන්බුන් කැබලි ඉවත් කර දැමීමට මාගේ අත කට ඇතුළට දැමූ සැටි මට මතකයි.

නැඟිට සමබරතාවය රැක ගැනීමට ගත් තවත් උත්සාහයකදී මා පොළව යැයි සිතා යමකට දෑත තැබුවා. මා සිටියේ පොළවක නොවෙයි, මාගේ දෑත් පතිත වූයේ අසල තිබූ නිසල දේහයක් මතයි. මා වැතිරී සිට තිබෙන්නේ නිසල දේහයක් මතයි. එම පුද්ගලයා ජීවතුන් අතරද නැතිනම් මියගොස් ද යන්න මා හට අවබෝධ වූයේ නැහැ. ඔහු හෝ ඇය හුස්ම ගන්නා ශබ්දයක් වත් මා හට ඇසුනේ නැහැ. හුස්ම ගැනීමට වෙර දැරීමක් හෝ දක්නට ලැබුනේ නැහැ. නමුත් එම පුද්ගලයාගේ සිරුරෙන් ගැලූ ලෝහිත දියර මා හැඳ සිටි ඇඳුම තෙත් කර තිබුණා.

ජීවනාලය යළි ලබා ගැනීමට පොර බැදි මාගේ පෙනහළු නැවත වරක් ඔක්සිජන් ලබා ගැනීමට වූවා. එය මාගේ පපුවේ මැද කොටස හරහා උරහිස සහ පහළට පැතිර යද්දී දැනුනු වේදනාව කියා නිම කිරීමට බැහැ. මරණයට පත්වූ පුද්ගලයකු සමඟ මම අන්ධකාරේ තනි වෙලා.

මා පෙර කියූ පරිදි හුස්ම ගැනීම මට අරගලයක් වූවා. මාගේ විඥාණය මන්දගාමී බවක් දැක්වූවා. මා එනතුරු මඟ බලා සිටින මාගේ දරුපැටවා, හෝ මා සමඟ සේවයේ නියුතු වූ සගයන් ගැන සිහියක් මට තිබුණේ නැහැ. මට දැනුනේ වේදනාවක් ම පමණයි. මාගේ සිරුර පුරා තුවාල සිදුව තිබුණා. ප්‍රකෘතිය සහ විකෘතිය කුමක්ද යන්න වෙන්කර හඳුනා ගැනීමේ අරගලයක මා නිරත වූවා.

වෙර දරා දෙපයින් නැඟිටීමට මා කිහිප වරක් උත්සාහ කරා. මගේ ඇඟට පණ නැහැ. එහෙත්.. වාසනාවකට අවසාන ප්‍රයන්තයේදී මට සහාය අතක් හිමිවූවා. මාගේ දිවි ගලවා ගත් ඒ උත්තමයා නිව්යෝර්ක් නගරයේ පරීක්ෂකවරයෙක්. ඔහුගේ පිහිටෙන් සහ මාගේ සිරුරේ ඉතිරි වී තිබුණු ශක්තියෙන් දෙපයින් නැඟිටීමට මට හැකි වූවා.

එම සිදුවීම යළි ආවර්ජනය කිරීම කාලය හරහා ගමන් කිරීමක් වැනියි. ඒ බිහිසුණු සිදුවීමේදී අප සැවොම මිය ගියා.. මම මා අවට දුටුවේ එයයි.

එහෙත්.. මම තවමත් ජීවතුන් අතර….

කළු අඟහරුවාදා ගැන ෂැරොන් ප්‍රෙමෝලි ගේ මතකයන්
(ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පතේ පළවූ ලිපියක් ඇසුරිනි)




Source link