December 5, 2021

Ada Rata

All news in one location

24-25 සෞඛ්‍ය සේවකයන් වර්ජනයකට සැරසෙයි



ලබන 24 – 25 දිනවලදී වර්ජනය ක්‍රියාමාර්ගයක නිරතවීමට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය තීරණය කර තිබෙනවා. පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්, හෙද සහ අතුරු වෛද්‍ය සේවාවේ වෘත්තිකයන් ඇතුළු සෞඛ්‍ය සේවාවට අයත් ශ්‍රේණි කිහිපයක නිළධාරීන් වර්ජනය සඳහා සහභාගි වන බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පවසන්නේ.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම, සෞඛ්‍ය සේවාව සංවෘත සේවාවක් බවට පත් කිරීම, අමතර දීමනා සඳහා සමාන ප්‍රතිපත්තියක් සකස් කිරීම ඇතුළු ඉල්ලීම් 07 ක් මුල්කර ගනිමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන් පසුගිය දිනවලදී සංකේත වැඩවර්ජනයක්ද දියත් කළ අතර කෙසේ නමුත් සෞඛ්‍ය බළධාරීන් තවමත් මෙම ගැටලුවලට විසඳුම් ලබා දී නොමැති බවයි රවී කුමුදේශ් මහතා පවසන්නේ.

තවදුරටත් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ නම් වැඩවර්ජනයක නිරතවීම හැර වෙනත් විකල්පයක් නොමැති බව කුමුදේශ් මහතා පවසනවා.

UN




Source link