January 26, 2022

Ada Rata

All news in one location

22 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ “ගිනිසිළුව” ශ්‍රී ලංකාවට


22 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට පුර්වගාමීව, ලොව පුරා මෙම සංගමයට අයත් රටවල් 72 ක් පුරා රැගෙන යන “ගිනිසිළුව” අද (03) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබුණා.

ඒ, එංගලන්තයේ ලන්ඩන් නුවර සිට මාලදිවයින ඔස්සේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL – 506 දරන ගුවන් යානය මඟින්.

මෙම ක්‍රීඩා උළෙල එංගලන්තයේ බර්මිංහැම් නුවර එළඹෙන ජුලි මස 28 දින සිට අගෝස්තු මස 08 දින දක්වා පැවැත්වීමට නියමිතයි.

එය පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍යය මහ කොමසාරිස්වරිය (Sarah Hulton Obe ) ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් , එහි මහ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා , යෂ්ටි කළමනාකරු චන්ද්‍ර ලියනගේ ක්‍රීඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියා.

ඉන්පසුව අද දින මෙම ගිනිසිළුව කොළඹ නිදහස් චතුරස්‍රය, පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා මධ්‍යස්ථානය සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍යය මහ කොමසාරිස් කාර්යාලය වෙත , ඒවායේ පවතින උත්සව සදහා රැගෙන යාමට නියමිතයි.
(colombotimes.lk)

Viber



Source link