November 29, 2021

Ada Rata

All news in one location

2021 වසරේ ශ්‍රී ලංකාවේ වඩාත්ම ප්‍රශංසනීය සමාගම් වෙත සම්මාන පුද කරයි (PHOTOS)



2021 වසරේ ශ්‍රී ලංකාවේ වඩාත්ම ප්‍රශංසනීය සමාගම් (Sri Lanka’s Most Admired Companies Awards 2021) සඳහා වන සම්මාන ප්‍රදානය ඊයේ (27) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විය.

ඒ අනුව 2021 වසරේ හොඳම සමාගම් 10 ලෙස සම්මාන දින ගත්තේ Cargills Ceylon PLC,CBL Investments Ltd., Ceylinco Life Insurance Ltd., Commercial Bank PLC,Dilmah Ceylon Tea Company PLC, HNB PLC, LOLC PLC, NDB Bank PLC, NSB Bank, and People’s Bank යන ආයතනයන්ය. 

මෙම සම්මාන ප්‍රදානයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වී සිටියේ මෙරට ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාය.

ගරු ආරාධනයෙන් එම අවස්ථාවට කොළඹ පුරපතිනිය වන රෝසි සේනානායක මහත්මිය සහභාගී වී සිටි අතර විශේෂ ආරාධිතයා ලෙස ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති විෂ් ගෝවින්දසාමි මහතා එක්ව සිටියේය. 

ශක්තිමත්ම සංවිධානවලට පවා අභියෝග කළ වසරක් තුළ, මෙම සමාගම් ඉහළට පැමිණ, ඔවුන්ගේ මූල්‍ය කාර්ය සාධනය සඳහා පමණක් නොව, ඔවුන්ගේ කොටස් හිමියන්,ගනුදෙනුකරුවන්,සේවකයින් සහ පොදුවේ පුළුල් ප්‍රජාව සඳහා ඔවුන් නිර්මාණය කරන වටිනාකම් ද හඳුනාගෙන සම්මාන ලබා දීම සිදුකරන ලදී. 

සියලුම ජයාරූප නැරඹීම සඳහා Click කරන්න 




Source link