December 5, 2021

Ada Rata

All news in one location

2020 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ ලබන 01 වැනිදා සිට


2020 අධ්‍යයන පොදුසහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ (O/L Exam) සෞන්දර්යය විෂයන්වලට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ ලබන දෙසැම්බර් 01 වැනිදා ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, එම ප්‍රායෝගික පරීක්ෂණ දෙසැම්බර් 11 වැනිදා දක්වා පැවැත්වෙන බවයි.

මේ අතර මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයැදුම්පත්‍ර කැඳවීමේ කාල සීමාව අද (10)සිට ලබන 20 වැනිදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

විශ්විද්‍යාල ප්‍රවේශය සඳහා කඩඉම් ලකුණු ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව විශ්වවිද්‍යාල ප්‍රවේශය අහිමි වූ සිසුන් විශාල ප්‍රමාණයක් නැවත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා අවස්ථාව සලසන ලෙසට සිදු කරන ලද ඉල්ලීම් හේතුවෙන් මෙම පියවර ගත් බවයි විභාග දෙපර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව මාර්ගගත (Online) ක්‍රමයට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic හෝ දෙපාර්තමේන්තු නිල ජංගම දුරකතන යෙදවුම වන “DoE”වෙත පිවිස අදාළ උපදෙස් හොඳින් කියවා ඒ අනුවම නිවැරදිව මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ අයැදුම් පත්‍ර යොමු කළ හැකියි.

උක්ත විභාගය සඳහා රජයේ පාසල් සිසුන් අදාළ පාසලේ විදුහල්පතිවරුන් වෙත දැනටමත් ලබා දී ඇති පරිශීලක නාම (User name) හා මුරපද (Password) භාවිතයෙන් අයැදුම් කළ යුතු වනවා.

පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකවම අදාළ උපදෙස් අනුව මාර්ගගතව අයැදුම්පත්‍රය සම්පූර්ණ කළ යුතු අතර එහි මුද්‍රිත පිටපතක් ලබා ගෙන අවශ්‍ය අවස්ථාවක දී ඉදිරිපත් කිරීමට තමන් භාරයේ සුරක්ෂිතව තබා ගත යුතු බව ද විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා. (colombotimes.lk)

Viber



Source link