October 27, 2021

Ada Rata

All news in one location

20/20 ලෝක කුසලාන සංචිතයට ක්‍රීඩා ඇමතිගේ අනුමැතිය



ලබන මස එක්සත් අරාබි එමීර් රාජයේදී පැවැත්වෙන 20/20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය සඳහා ක්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතිය හිමිව තිබෙනවා. ක්‍රීඩකයන් 19 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය මේ වනවිට නිළ වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.

තරගාවලියට ක්‍රීඩකයන් 15 දෙනෙක් නම්කර ඇති අතර අතිරේක ක්‍රීඩකයන් ලෙස තවත් සිව් දෙනෙකු නම්කර තිබෙනවා. කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානක කටයුතු කරයි.

මේ වනවිට දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන තරගාවලිය සඳහා නම්කර තිබෙන මිනෝද් භානුක, පැතුම් නිශ්ශංක සහ රමේෂ් මෙන්ඩිස් ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා සංචිතය
දසුන් ශානක (නායක), ධනන්ජය ද සිල්වා (උප නායක), කුසල් ජනිත් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, චරිත් අසලංක, වනිඳු හසරංග, කමිඳු මෙන්ඩිස්, චාමික කරුණාරත්න, නුවන් ප්‍රදීප්, දුෂ්මන්ත චමීර, ප්‍රවීන් ජයවික්‍රම, ළහිරු මදුෂංක, මහේෂ් තීක්ෂණ
අතිරේක – ළහිරු කුමාර, බිනුර ප්‍රනාන්දු, අකිල ධනන්ජය, පුලින තරංග

UN




Source link