November 27, 2021

Ada Rata

All news in one location

20ට වැඩි පුද්ගලයින්ට හෙට සිට බූස්ටර් එන්නත


අවුරුදු 20ට ඉහළ විවිධ රෝගාබාධ හේතුවෙන් පීඩා ලබන පුද්ගලයින් සඳහා කොවිඩ් මර්දන එන්නතෙහි තෙවැනි මාත්‍රාවක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්දේශ කර ඇති අතර එම එන්නත්කරණ වැඩසටහන හෙට සිට ආරම්භ කිරීමට නියමිතයි.

ඒ අනුව දෙවැනි කොවිඩ් මර්දන එන්නත් මාත්‍රාව ලබාගෙන මාසයක් සම්පූර්ණ කර ඇති පුද්ගලයින් සඳහා එම මාත්‍රාව ලබාදීම රෝහල් සහ සායනගාර හරහා සිදුකළ යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනුයේ.

ප්‍රතිශක්තිය අඩු පුද්ගලයින්ට, නිදන්ගත වකුගඩු රෝගීන්ට, ඇට මිඳුළු බද්ද කිරීම්වලට ලක්වු අයට, පිළිකා රෝගයෙන් පීඩා විඳින අයට හෝ අනෙකුත් විවිධ රෝගාබාධවලින් පෙළෙන පුද්ගලයින් සඳහා එම එන්නත් මාත්‍රාව ලබාගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කර සිටිනවා. (colombotimes.lk)

Viber



Source link