November 30, 2021

Ada Rata

All news in one location

18 ට වැඩි සියලු දෙනාට තුන්වන මාත්‍රාවක් ලෙස, “ෆයිසර්” ලබාදීමට අවසර ඉල්ලයි


අවුරුදු 18 ට වැඩි සියලු දෙනාට තුන්වන මාත්‍රාවක් ලෙස, හදිසි භාවිතය සඳහා “ෆයිසර්” එන්නත ලබාදීමට අවසර දෙන්නැයි නිෂ්පාදිත සමාගම විසින් ඇමෙරිකානු ඖෂධ පාලන අධිකාරියෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

දැනට එම එන්නත පළමු සහ දෙවන මාත්‍රාවක් ලෙස වයස අවුරුදු 5ට වැඩි සියලු දෙනා සඳහා ඇමරිකාව ඇතුළු රටවල් ගණනාවක භාවිතා කරන අතර මෙතෙක් තුන්වන මාත්‍රාවක් ලෙස භාවිතා කරනු ලැබුවේ අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් සඳහා පමණයි.

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව යළි ඉහළ යමින් පවතින අතර ගතවූ පැය 24 ලොව පුරා කොරෝනා මරණ 7479ක් වාර්තා වූ අතර ආසාදිතයන් 451,890ක් වාර්තා වී තිබෙනවා. (colombotimes.lk)

Viber



Source link