October 25, 2021

Ada Rata

All news in one location

ෆයිසර් එන්නත අවුරුදු 5-11 වයස් කාණ්ඩයටත් සුදුසුයි !



ෆයිසර් බයෝ එන්ටෙක් සමාගම විසින් නිෂ්පාදනය කරන කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත අවුරුදු 05 – 11 වයස් කාණ්ඩයේ දරුවන් සඳහාත් සුදුසු බව පරීක්ෂණවලින් තහවුරු කරගෙන තිබෙනවා. අදාල සමාගම විසින් මේ බව අනාවරණය කර තිබේ.

ඒ අනුව ෆයිසර් එන්නත භාවිතා කරන රටවල සෞඛ්‍ය බළධාරීන් සමග සාකච්ඡා කර එම වයස් කාණ්ඩය සඳහා භාවිතයට අනුමැතිය ලබා ගැනීමට බලාපොරොත්තු වන බවද එම සමාගම පවසනවා.

ශ්‍රී ලංකාව තුළ ඉහළ ශ්‍රේණිවල පාසල් සිසුන් සඳහා ෆයිසර් එන්නත භාවිතා කිරීමට අපේක්ෂාවෙන් සිටින අතර ‍සෞඛ්‍ය නිර්දේශ ලද වහාම එන්නත්කරණය ආරම්භ කරන බවයි ආණ්ඩුව පවසන්නේ.

UN




Source link