October 28, 2021

Ada Rata

All news in one location

ළමුන් ගණන 200කට අඩු පාසල් ඔක්තෝම්බර් මාසයේ ඇරඹේ


පාසල් ආරම්භ කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ තාක්ෂණික කමිටුව මගින් ළමුන් ගණන 200කට අඩු පාසල් ඔක්තෝම්බර් මාසයේ ආරම්භ කල හැකි බවට නිර්දේශ කර තිබෙනවා.

අද (11) දින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන්, සෞඛ්‍ය අමාත්‍යංශයේදී කමිටුව රැස්වූ අවස්ථාවේ මේ බව සඳහන් කර තිබෙනවා.

මේ රැස්වීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ බලධාරීන්, ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාතනය, වසංගත රෝග විද්‍යාතනයේ විශේෂඥයන්, පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ නිලධාරීන් හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහභාගී වී තිබෙන බව වාර්තා වනවා. (colombotimes.lk)

Viber



Source link