October 28, 2021

Ada Rata

All news in one location

හෙද වෘත්තීය සමිති තුනක් අද දෙවන දිනටත් ලෙඩවෙයි


හෙද වෘත්තීය සමිති තුනක් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද දෙවන දිනටත් ක්‍රියාත්මක වනවා.

ඊයේ උදෑසන 07 සිට හෙද වෘත්තීය සමිති තුනක් සේවාවලින් ඉවත්ව ලෙඩ නිවාඩු දැමීමේ පැය 48 ක ඒකාබද්ධ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.

ඒ හේතුවෙන් දිවයිනේ රෝහල් රැසක කටයුතු වලට බාධා එල්ල වී තිබෙනවා.

මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇත්තේ මෙරට ප්‍රධාන හෙද වෘත්තීය සමිති වන රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය, රජයේ හෙද නිලධාරින්ගේ සංගමය සහ සමස්ත ලංකා හෙද සංගමය ඒකාබද්ධවයි.

ඒ, 2015 වර්ෂයේදී හෙද කාර්යය මණ්ඩලයට ලබාදීමට එකග වු රුපියල් 15,000 ක නිදිවර්ජිත ප්‍රවාහන හා අනතුරු දීමනාව ලබා ගැනීම, උසස්වීම් ලබාදීම සහ සියලුම හෙද විදුහල් විශ්ව විද්‍යාල පීඨ බවට පත්කිරීම ඇතුලු ඉල්ලීම් 09 ක් මුල්කර ගනිමින්. (colombotimes.lk)



Source link