January 26, 2022

Ada Rata

All news in one location

හෙට සිට කොන්දොස්තරවරුන් නොමැතිව බස් රථ ධාවනය හඳුන්වා දෙයි


ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, ස්වයංක්‍රීය ගෙවීම් ක්‍රමයක් පදනම් කර ගනිමින් එම වැඩසටහන ආරම්භ කරන බවය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වු ගැමුණු විජේරත්න මහතා,

“අපිට අද දිනයේ මෙය හඳුන්වා දීමට කටයුතු කරන්න තිබුණත් මහ බැංකු අධිපතිතුමාගෙන් අපිට වෙලාව හම්බුණේ හෙට දිනයේ. අපි හෙට දිනයේ ලංකාවේ අලුත්ම ක්‍රමවේදය හඳුන්වාදීමට හෙට දිනයේ කටයුතු කරනවා. විශේෂයෙන්ම අපි එහිදී බලාපොරොත්තු වෙනවා මින් ඉදිරියට යම් ආකාරය සහනයක්, ඉන්ධන සහනාධාරයක් දෙන්න පුළුවන්කමක් තියෙනවා නම්, බස්රථය ගමන්කරපු දුර ප්‍රමාණය තියෙනවා. මොකක් හරි සහනාධාරයක් දෙන්න පුළුවන් නම් ඒ අවශ්‍ය සියලු ප්‍රතිපාදන ඒ යන්ත්‍රයේ තියෙනවා. ඒ වගේම අපි ආසන සංඛ්‍යාවට තමයි මගීන් ගෙනියන්නේ.”



Source link