October 18, 2021

Ada Rata

All news in one location

හෙට සහ අනිද්දා හෙද කාර්ය මණ්ඩල වැඩ වර්ජනයක



හෙද කාර්ය මණ්ඩල මුහුණ  වලට විසඳුම් නොලැබීම හේතුවෙන් හෙට (01) සහ අනිද්දා (02) යන දිනයන්හි දිවයිනේ සියලු රෝහල්වල හෙද හෙදියන් අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට නියමිතය.

සම්බන්ධයෙන් සමස්ත ලංකා හෙද  සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ හෙද කාර්ය මණ්ඩලයට ඉතා දැඩිව බලපා තිබෙන ගැටළු ගණනාවක් විසඳා ගැනීම සඳහා පසුගිය කාලය මුලූල්ලේ දැඩි උත්සාහයන් ගණනාවක නිරත වූ නමුත් සෞඛ්‍ය අමාත්‍යංශය එම ගැටළු විසදීම වෙනුවෙන් අවංකව කටයුතු කරන බවක් අපට පෙනෙන්නට නොමැති බවයි.

එම තත්වය තුළ 2021.05.31 දින මෙම සංගමයේ මූලිකත්වයෙන් එක්දින අසනීප නිවාඩු වාර්ථා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් කැඳවනු ලැබීය.  

අනතුරුව ජුනි මස 01 දින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සමඟ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව හෙද ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යංශයට මාසයකට ආසන්න කාලයක් ලබා දී තිබුණද  එම ගැටළු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යංශය මේ දක්වා කටයුතු නොකිරීමට එරෙහිවයි හෙට සහ අනිද්දා යන දිනයන්හි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය කැඳවා ඇත්තේ.

ඒ අනුව  2015 වර්ෂයේ දී හෙද කාර්ය මණ්ඩලයට ලබා දීමට එකඟ වූ නිදිවර්ජිත ප‍්‍රවාහන හා අනතුරු දීමනාව රු 15000ක මුදල වහා ලබා දීම,හෙද ව්‍යවස්ථාව වහා සංශෝධනය කිරීම, වසර 05න් 05ට ශ්‍රේණිගත උසස්වීම් ලබා දීම,දින 05හේ සතිය හෙද කාර්ය මණ්ඩලය සඳහා ද ලබා දීම, සියලූ හෙද විදුහල් විශ්ව විද්‍යාල පීඨ බවට පත් කිරීම හා සියලූ හෙද නිළධාරීන්ට හෙද උපාධිය ලබා දීම,හෙද සේවාව දීප ව්‍යාප්ත සේවාවක් බවට පත් කිරීම,කොවිඩ් වසංගතය හමුවේ හෙද නිළධාරීන් මුහුණ පා ඇති ගැටලූ සඳහා කඩිනම් විසඳුම් ලබාදීම. (බලහත්කාරී ලෙස හෙද හෙදියන් වෙනත්  කොවිඩ් රෝහල් වෙත අනුයුක්ත කිරීම වැනි), පොරොන්දු වූ අමතර සේවා දීමනාව මූලික වැටුපෙන් 1/90 ලෙස ලබා දීම සහ නිළ ඇඳුම් දීමනාව වැඩි කිරීම යන ඉල්ලම් ඉටුකරන ලෙසයි හෙද සංගම් ඉල්ලා සිටින්නේ.

ASK 




Source link