October 28, 2021

Ada Rata

All news in one location

හෙට මත්පැන්හල් විවෘත කිරීම ගැන දැනුම්දීමක්


සංචරණ සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයට අනුව හෙට දිනයේ මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්‍ර ලත් ස්ථානය සීමිත ලෙස විවෘත කිරීමට අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව බලපත්‍ර ස්ථාන පමණක් නියමිත වේලාවක් තුළදී ක්‍රියාත්මක කල හැකි අතර මත්පැන් අලෙවි නොකරන බෙදාහැරීමේ කටයුතු සිදු කරන තොග වෙළෙඳ බලපත්‍ර ලත් ස්ථාන ද ක්‍රියාත්මක කළ හැකි වනවා.

එසේම ආපනශාලා, හෝටල්, ආගන්තුක නිවාස, තානායම් සිනමා ශාලා සහ සමාජ ශාලා ආදියෙහි සුරාබදු බලපත්‍ර නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක කළ නොහැකි බවයි නිවේදනය සඳහන් වන්නේ.

එසේම මත්පැන් මිලදී ගැනීමට පැමිණෙන පුද්ගලයින් අතර සෞඛ්‍ය මාර්ග උපදේශ පිළිපදිමින් දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීමට වගබලා ගත යුතු බවත් එම ක්‍රියාවලිය අධික්ෂණය කිරීම සඳහා දිවයිනේ සියලුම සුරාබදු ස්ථානාධිපතිවරුන් ට මේ වන විටත් දැනුම්දීම් ලබා ඇති බවත් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වුණා.

මෙම සෞඛ්‍ය මාර්ග උපදේශ අනුව කටයුතු නොකරන සියලුම ස්ථාන සඳහා නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කර ඇත්තේ.(colombotimes.lk)



Source link