October 19, 2021

Ada Rata

All news in one location

හිට්ලර්ට එරෙහි තරුණිය හෙවත් සුදු රෝස විප්ලවය


සොෆී ෂෝල් යන නම ජර්මනියෙන් පිටත බොහෝ දෙනෙක් නොදනී. ඇය තම මාතෘ භූමිය වෙනුවෙන් කැප කළ ජීවිතය අසාමාන්‍ය එකක් වන අතර ඇඩොල්ෆ් හිට්ලර්ගේ ගේ ඒකාධිපති වියරුවට එදිරිව ඇය තම ජීවිතය පූජා කිරීමෙන් සිදු කළ පරිත්‍යාගය ජර්මනියේ ජනතාව ට අදටත් සදානුස්මරණිය ය.

හිට්ලර් ට එරෙහි ඇගේ ප්‍රතිවිරෝධය පොත්, චිත්‍රපට සහ නාට්‍යවල අසංඛ්‍යාත වාරයක් පුනරාවර්තනය වෙමින් තිබේ. එය අදට ද මිනිසුන්ට ආස්වාදයක් ලබා දෙයි.

සොෆී ෂෝල් 1921 දී උපත ලැබුවේ නොසන්සුන්කාරී රටක ය. නමුත් ඇගේ ළමා කාලය සුරක්ෂිත සහ සුවපහසු විය.
ඇගේ පියා නිරිතදිග ෆෝර්ච්ටන්බර්ග්හි නගරාධිපතිවරයා විය (පවුල පසුව උල්ම් වෙත පදිංචියට ගියද) සොෆී සහ ඇගේ සහෝදර සහෝදරියන් පස්දෙනා සමඟ රෙපරමාදු පවුලක හැදී වැඩුණේ ක්‍රිස්තියානි සාරධර්ම පෙරදැරිව යි.

ඇය නව යොවුන් වියට එළඹෙන විට ඇඩොල්ෆ් හිට්ලර් රට පාලනය කරමින් සිටියේය.
මුලදී සොෆී සහ ඇගේ වැඩිමහල් සහෝදරයා හාන්ස් ෂෝල් ජාතික සමාජවාදී පක්ෂයට සහයෝගය දැක්වූහ. අනෙක් බොහෝ යෞවනයන් මෙන් ඔහු පක්ෂයේ හිට්ලර් යෞවන ව්‍යාපාරයට සම්බන්ධ වූ අතර සොෆී එහි සහෝදර සංවිධානය වන ජර්මානු බාලිකා සංගමය හා සම්බන්ධ විය.

ඇගේ පියා හිට්ලර් පිලිබඳ දැඩි විවේචකයෙකු විය.පවුලේ අයගේ සහ මිතුරන්ගේ බලපෑම ක්‍රමයෙන් ක්‍රියාත්මක වීමට පටන් ගත්තේය. යුදෙව් හිතවතුන්ට හා කලාකරුවන්ට සැලකූ ආකාරය ගැන කලකිරුණු සොෆි , විවේචනාත්මක දෑසින් පාලන තන්ත්‍රය දෙස බැලීමට පටන් ගත්තේ ය.ඒ වන විට හිට්ලර් පෝලන්තය ආක්‍රමණය කළ අතර එය විරුද්ධත්වයට දැඩි විය.

ජර්මානු තරුණ තරුණියන් සටන් කිරීමට පිටත් කර යද්දී සොල්දාදුවෙකු වූ සොෆී ගේ පෙම්වතා වන ෆ්‍රිට්ස් හාර්ට්නගල් ට මෙසේ ලිවීය:
“සමහර අය දිගින් දිගටම අනුන්ගේ ජීවිත පරදුවට තබන්නේ කෙසේදැයි මට තේරුම් ගත නොහැක. මට එය කිසි විටෙකත් වැටහෙන්නේ නැත. එය භයානක යැයි සිතන්න. ඒ පීතෘභුමිය වෙනුවෙන් යැයි මට නොකියන්න.”

සොෆී සිය සහෝදරයා වන හාන්ස් සමඟ මියුනිච් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව හදාරමින් සිටි අතර බොහෝ පිරිසක් සමඟ සමාජගතව කලාව, සංස්කෘතිය සහ දර්ශනය පිළිබඳ අන්‍යෝන්‍ය සාකච්ජාවන් ආරම්භ කිරීම නිසා ඇය වටා නිරන්තර ව පිරිසක් එකතුවන්නට විය. ජීව විද්‍යාව විෂය හැදෑරූ සොෆී පියානෝව වාදනය කිරීමට ත්, නටන්නට ත්, එක සේ දක්ෂ වූ අතර ඇය දක්ෂ චිත්‍ර ශිල්පිනියක් ද විය.

එසේ වුවද තත්වය එතරම් සුබදායි නොවන බව ඔවුහු වටහා ගෙන සිටියහ. එය ප්‍රචණ්ඩකාරී අමානුෂික කාලයක් විය. ඔවුන් එඅතුවී ආරම්භ කළ “සුදු රෝස ව්‍යාපාරයේ” ආරම්භක සාමාජිකයන් හය දෙනෙක් විය.මුලින්ම හාන්ස් සහ ඔහුගේ මිතුරා වන අලෙක්සැන්ඩර් ෂ්මොරල් විසින් ආරම්භ කල සංවිධානය පසුව තවත් වර්ධනය විය.

නාසි තන්ත්‍රයට එරෙහි වීමට පුරවැසියන් දිරිමත් කිරීම, යුදෙව් ජනයා ඝාතනය හෙළා දැකීම සහ යුද්ධය අවසන් කරන ලෙස ඉල්ලා සිටිමින් .ඔව්හු පත්‍රිකා මුද්‍රණය කර බෙදා හැරිය හ.

“අපි නිහඬව ව නොසිටිමු, එකක් කියවන්න,” අපි ඔබේ නරක හෘදය සාක්ෂිය යි, සුදු රෝස ඔබව සාමයෙන් තබන්නේ නැත. “

මෙම කණ්ඩායම 1943වසර ආරම්භයේදී ඔවුන්ගේ හයවන පත්‍රිකාව නර්මාණය කළහ.

“ජර්මානු තරුණයා අවසානයේ නැගී නොසිට, පළිගැනීමට සමාව ලබා නොගන්නේ නම් සහ ඔවුන්ගේ වධකයන් තලා දමා නව අධ්‍යාත්මික යුරෝපයක් සොයා නොගන්නේ නම් ජර්මානු නාමයට සදාකාලිකවම හානි සිදු වේ.

ඒ ඔවුන්ගේ අවසාන පත්‍රිකා විය.

1943 පෙබරවාරි 18 වන දින හාන්ස් සහ සොෆී විශ්වවිද්‍යාලයේ පත්‍රිකා භාර දෙමින් සිටියහ.

සොෆී විශ්ව විද්‍යාලයේ ප්‍රධාන ගොඩනැගිල්ලේ ඉහළ තට්ටුවට නැඟ පත්‍රිකා විසුරුවන්නට විය.බොහෝ දෙනා උපකල්පනය කරන්නේ ඇය හැකි තරම් සිසුන්ටඇයව පෙනෙන්නට සහ පත්‍රිකා බෙදා හරින්නට උත්සාහ ගත් බවයි.

එහෙත්, පත්‍රිකා බෙදා බිමට බසින විට, ඇයව ගෙස්ටාපෝ – රහස් පොලිසියට පාවා දී තිබුණි. ඇය සහ ඇගේ සහෝදරයාගෙන් ප්‍රශ්න කරන ලද අතර, නඩු විභාගයකින් පසු මරණ දණ්ඩනය නියම විය. කණ්ඩායමේ සෙසු සාමාජිකයින් පාවා දීම ඔවුන් ප්‍රතික්ෂේප කළ නමුත් බලධාරීන් ඔවුන්ව කෙසේ හෝ ලුහුබැඳ ගියේය. මාස කිහිපයක් ඇතුළත මිතුරන් සියල්ලන් ම ඝාතනය කර තිබුණි.

image.pngහිට්ලර්ගේ විනිසුරු ලෙස ක්‍රියා කළ රෝලන්ඩ් ෆ්‍රෙයිස්ලර් තීන්දුව ලබා දෙමින්

 

ඇය ගිලටීනයට ගෙන ගිය උදෑසන 21 හැවිරිදි සොෆී මෙසේ පැවසුවාය.

“මෙතරම් කදිම, අව්ව සහිත දිනයක, මා යා යුතුයි ,…අප හරහා දහස් ගණනක් ජනතාව අවදි වී,ක්‍රියාවට නැංවුවහොත් මගේ මරණය වැදගත් වන්නේ කුමකට දැයි වැටහී යනු ඇත..”

එම වචන, ඇගේ නිර්භීතකම අදටත් ජර්මනියේ ගෞරවයට පාත්‍ර වී ඇති අතර, පාසැල් සහ මාර්ග ඇගේ නමින් සහ ඇගේ සහෝදරයාගේ නමින් නම් කර තිබෙනු දැක ගත හැකියි.ඒ වුවද මත කාලීනව අන්ත දක්ෂිණාංශික පක්ෂයක් අගේ නම් විකුණමින් ගෙන ගිය මැතිවරණ ව්‍යාපාරයකට ජනතාව දැඩි සේ විරුද්ධ විය.

කෙසේ වුවද හිට්ලර් වැන්නෙකුට එදිරිව ගෙන ගිය සමාජ ව්‍යාපාරය හෙවත් “සුදුරෝස විප්ලවය” අද ලංකාව ගමන් ගන්නා දිශාවේ අපසු හැරවීමට උදාහරණයකි.එය මෙහෙයවීමට මිනිසුන් හිඟ වීම අපගේ අවාසනාවකි.





Source link