October 27, 2021

Ada Rata

All news in one location

හික්කඩුවේ මුහුද ගොඩ ගලයි.. සංචාරක අවන්හල් රැසක් මුහුදට ගසාගෙන යයි..


September 25, 2021 at 9:20 am | lanka C news

හික්කඩුවේ මුහුද ගොඩ ගලයි.. සංචාරක අවන්හල් රැසක් මුහුදට ගසාගෙන යයි..

හික්කඩුව නාරිගම වෙරල තීරය පසුගිය දිනවල විශාල වශයෙන් මුහුදු ඛාදනයට ලක්වීම හේතුවෙන් හෝටල්වල අවන්හල් රැසක් මුහුදට ගසා ගෙන ගොස් තිබේ.

මීටර් 100ක පමණ වන පරිදි වෙරළ තීරය සම්පුර්ණයෙන් මුහුදු ඛාදනයට ලක් වීමෙන් මෙම ප්‍රදේශයේ තිබූ සංචාරක හෝටල්වල අවන්හල් සහ අවන්හල් පමණක පවත්වාගෙන ගිය සංචාරක අවන්හල් විනාශ වී තිබේ.

හෝටල් හිමියන් සඳහන් කරන්නේ මෙම තත්ත්වය එම ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය එල්ල වූ බලවත් පහරක් බවයි.

මීට තාවකාලික විසඳුමක් ලෙස ආරක්ෂක රෙදි ආවරණ යෙදවීමට වෙරළ සංරක්ෂණ නිලධාරින් විසින් කටයුතු කර තිබේ.

මුහුදු ඛාදනය තවදුරටත් උග්‍ර වුවහොත් සංචාරක හෝටල් පවා මුහුදට බිලි වනු ඇති නිසා මේ සම්බන්ධයෙන් රජය හැකි ඉක්මනින් අවධානය යොමු කළ යුතු බවද හෝටල් හිමියෝ කියා සිටිති.

5,930 views



Source link