November 29, 2021

Ada Rata

All news in one location

හම්බන්තොට ආයෝජන කලාපයෙන් කොවිඩ් පොකුරක්


හම්බන්තොට ආයෝජන කලාපයේ ඉදිකරනු ලබන සිමෙන්ති කර්මාන්ත ශාලාවේ සේවය කරන ඉන්දියානු ජාතිකයින් 43කට කොවිඩ් ආසාදනය වී තිබෙන බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා සඳහන් කරනවා.

මීට දින කිහිපයකට පෙර එම කර්මාන්තශාලාවේ සේවය කළ ඉන්දීය ජාතිකයින් 06ක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගත් අතර පසුව අනෙක් සේවකයින් කොවිඩ් පරීක්ෂණ සඳහා යොමු කිරීමෙන් පසු තවත් ආසාදිතයින් 37ක් හඳුනාගත් බවයි ඔහු සඳහන් කරන්නේ. (colombotimes.lk)

Viber



Source link