October 17, 2021

Ada Rata

All news in one location

හබරණ සිදුවීම ගැන යුද හමුදාපතිගේ නියෝගයෙන් පරීක්ෂණයක් අරඹයි


ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සහ වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් අතර පසුගිය ජුනි මස 25 දින හබරණ ප්‍රදේශයේදී ඇති වූ බහින්බස්වීමේ සිදුවීම සම්බන්ධයෙන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් පරීක්ෂණ මණ්ඩලයක් පත්කර තිබෙනවා.

මෙම සිද්ධියේ සියලු කරුණු විමර්ශනය කර තමන් වෙත වාර්තාවක් ලබාදෙන ලෙස ජ්‍යෙෂ්ඨ මේජර් ජෙනරල්වරුන් දෙදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් යුතු පරික්‍ෂණ මණ්ඩලයක් යුද හමුදාපතිවරයා විසින් පත්කර ඇති බවයි යුද හමුදාව නිවේදනය කර සිටියේ.

මේ පිළිබඳ පැමිණිලි පොලිසියට ද වාර්තා වී ඇති බවත් මීට සමගාමීව යුද්ධ හමුදා පොලිස් පරික්‍ෂණයක් ද සිද්ධිය සිදුවූ වහාම ආරම්භ කොට ඇති බවයි යුද හමුදාව නිවේදනය කර සිටියේ.

දැනට අවශ්‍ය කරුණු හා සාක්‍ෂි විමර්ශනය කරමින් කටයුතු කරනු ලබන මෙම මණ්ඩලය විසින් සිදුවීමට අදාල නිරික්ෂණ ඇතුලත් සවිස්තරාත්මක විමර්ශන වාර්තාවක් කඩිනමින් යුද්ධ හමුදාධිපති වෙත ලබාදීමට නියමිත බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.



Source link