November 29, 2021

Ada Rata

All news in one location

හදිසියේ කටුනායකට ගොඩබෑ ජර්මන් ගුවන් යානයක් පැයක් රස්තියාදු කරලා !



ජර්මනියේ සිට මාලදිවයින දක්වා පියාසර කරමින් සිටියදී අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් කටුනායක ගුවන් තොටුපලට ගොඩබෑමෙන් පසු ගුවන් තොටුපල බළධාරීන්ගේ නොසැලකිල්ල නිසා පැයකට වැඩි කාලයක් රස්තියාදු වීමට සිදුවීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

පසුගිය සැප්තැම්බර් 26 වැනිදා පෙරවරු 11.25 ට පමණ මෙම ගුවන් යානය හදිසියේ කටුනායකට ගොඩබස්වා තිබෙනවා. කාලගුණ තත්වය යහපත් වීම නිසා පස්වරු 01 ට පමණ ගුවන් යානය යළි ගුවන්ගත වීමට සූදානම්ව හදිසි ගොඩබෑමට අදාල ගාස්තු ගෙවීම සඳහා ගුවන් යානයේ නිළධාරීන් පැමිණ තිබෙනවා.

කෙසේ නමුත් ගුවන් තොටුපලේ මුදල් ගෙවීම් කවුන්ටරවල ක්‍රෙඩිට් කාඩ්පත්වලින් ගෙවීම් සිදුකළ හැකි යන්ත්‍ර අක්‍රියව පැවතීම නිසා අදාල ගෙවීම් සිදු කිරීම සඳහා තවත් පැයකට අධික කාලයක් ගත කිරීමට ජර්මන් ගුවන් යානයේ නිළධාරීන්ට සිදුව තිබේ.

යන්ත්‍ර නැවත සක්‍රීය තත්වයට පත්වීමෙන් පසුව ගෙවීම් සිදුකර ඇති අතර එහිදී ගුවන් තොටුපල බළධාරීන්ගේ නොසැලකිල්ල නිසා ගත වූ කාලසීමාවටද අයකිරීම් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව අදාල කාලසීමාව සඳහාද ඇමරිකානු ඩොලර් 48 ක මුදලක් ගෙවීමට ජර්මන් බළධාරීන්ට සිදුව තිබේ.

මේ පිළිබඳව අනාවරණය වීමෙන් පසුව ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ ඉහළ බළධාරීන් විසින් මෙම සිද්ධිය පිළිබඳව විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂ ‍ශෙහාන් සුමනසේකර මහතා පවසන්නේ අදාල ගුවන් යානය අයත් සමාගම වෙත මේ පිළිබඳව ලිඛිත දැනුම්දීමක් සිදු කිරීමටද තීරණය කර ඇති බවයි.

මේ අතර විෂය බාර රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතාද මෙම සිදුවීම පිළිබඳව විශේෂ වාර්තාවක් කැඳවා තිබෙනවා. අදාල වාර්තාව හෙට දිනයේදී තමා වෙත ලැබෙනු ඇති බවත්, ඉන් අනතුරුව ඒ පිළිබඳව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඇමතිවරයා පවසනවා.

UN




Source link