November 29, 2021

Ada Rata

All news in one location

සෞඛ්‍ය සේවක වර්ජනය නිසා ප්‍රතිකාර සේවාවලට බලපෑම්


හෙද වර්ජනය හේතුවෙන් රෝහල්වල නේවාසික හා බාහිර රෝගී ප්‍රතිකාර සේවාවලට අදත් බලපෑම් එල්ල වී තිබෙන බව වාර්තා වනවා.

ඊයේ (24) පෙරවරු 7සිට ආරම්භ කළ වර්ජනය තවමත් අවසන් කර නොමැති බව වාර්තා වනවා.

ඉදිරි දින 6 තුළදී සිය ඉල්ලීම් ඉටුකිරීමට රජය අපොහොසත් වන්නේ නම් සිය වර්ජනය අඛණ්ඩව සිදුකරන බව රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසනවා.

සෞඛ්‍ය සේවයේ උසස්වීම් විෂමතා ගැටලු, සෞඛ්‍ය පරිපාලන සේවාවක් ඇති කිරීම සහ හෙද උපාධිධාරීන්ගේ වැටුප් කප්පාදු ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් මෙම උද්ඝෝෂණය ක්‍රියාත්මක කර තිබෙනවා.

හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති 16ක් එක්ව මෙය මෙහෙයවනු ලබනවා. (colombotimes.lk)

Viber



Source link