November 29, 2021

Ada Rata

All news in one location

සෞඛ්‍ය වෘත්තීය සමිති රැසක් යළි වැඩ වර්ජනයකට සැරසෙයි



සෞඛ්‍ය සේවකයින් මුහුණ දී සිටින ගැටළු වලට විසඳුම් නොලැබීම නිසා එළඹෙන 09 වැනිදා එක් දින වැඩ වර්ජනයක් කිරීමට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය තීරණය කර තිබේ.

එම සම්මේලනයේ නියෝජිතයින් විසින් අද (28) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදීයි මේ බව සඳහන් කළේ. 

ඒ  කාලය තුළ සිය ගැටළුවලට විසඳුම් දෙන්නේ නම් වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය අත්හිටුවීමට කටයුතු කරන බවයි මෙම මාධ්‍ය හමුවට එක්ව සිටි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ. 

සිය ගැටළු විසඳා ගැනීම සඳහා පසුගිය කාලය තුළද විවිධ වෘත්තීය සමිති ක්‍රියාමර්ග ගත් අතර අමාත්‍යවරුන් දැනුවත් කිරීමට කටයුතු කර ඇත්ත ඒවා විසඳීමට මැදිහත් නොවුණු හෙයින් මෙලෙස යළි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුව තිබෙන බවයි මෙම සම්මේලනය අවධාරණය කළේ. 

09 වැනිදාට ක්‍රියාත්මක වැඩවර්ජනයේදී කොවිඩ්වලට අදාළ රාජකාරී උපරිමයෙන් කිරීමට උත්සහ දරන අතර මාතෘ හා ළදරු ඇතුළු අත්‍යවශය සේවා බිඳවැටීමට ඉඩ නොදෙන බවද ඔවුන් කියා සිටියේය. 

මෙම වැඩවර්ජනයට සෞඛ්‍ය වෘත්තීය සමිති 15ක් පමණ එක්වීමට නියමිත බවද මෙහිදී අදහස් දැක්වූ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසුවේ. 

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියේය.

ASK




Source link