November 29, 2021

Ada Rata

All news in one location

සෞඛ්‍ය අමාත්‍යාංශයේ උද්දච්ච තීරණ නව කොරෝනා රැල්ලකට අත වනනවා



රජයේ දත්තවලට අනුව කොවිඩ් පාලනය වී ඇති බව පෙනී යන නමුත් එය සාමාන්‍ය පුරවැසියෙකුගේ කියවීමක් හා සමාන තත්වයක් පමණක් බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසනවා. එවැනි සංඛ්‍යා දත්ත මත සෞඛ්‍ය අමාත්‍යංශයට, සෞඛ්‍ය විශේෂඥයන්ට තීරණ ගත නොහැකි බවත් එවැනි තීරණ ගන්නේ නම් එය ඉතා භයානක තත්වයක් බවත් කුමුදේශ් මහතා සඳහන් කරනවා.

කොවිඩ් වසංගතය රටතුළ සමාජගත වී ඇති වසංගතයක් බැවින් එය විද්‍යාත්මකව කියවා ගතයුතු බවත්, ඒ් සඳහා අවශ්‍ය දත්ත හා තොරතුරු නිර්මාණය කිරීමේ සම්පූර්ණ වගකීම සෞඛ්‍ය බළධාරීන් සතු වගකීමක් බවත් පෙන්වා දෙන රවී කුමුදේශ් මහතා පවසන්නේ මහජන මුදලින් විශාල නිළධාරීන් සහ වෘත්තිකයන් පිරිසක් නඩත්තු කරන්නේ ඒ සඳහා බවයි.

කෙසේ නමුත් සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශයට පත් කරන දත්තවලින් වසංගතයේ සැබෑ තත්වය නිරූපනය නොවන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන් ලෙස තමන්ට ප්‍රකාශ කළ හැකි බවත් ඔහු පවසනවා. බළධාරීන් සිදු කරන වැරදි නිසා අවසානයේදී ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවන්නේ සාමාන්‍ය ජනතාවට බවද ඔහු පෙන්වා දෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇතැම් නිළධරීන්ගේ උද්දච්ච තීරණ හේතුවෙන් තවත් කොරෝනා රැල්ලක් ඇතිවීමේ අවදානමක් තිබෙන බවට කුමුදේශ් මහතා අනතුරු අඟවනවා. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන කුමුදේශ් මහතා,

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකිවයුතු ගොඩාක් අය අපි දකිනවා උදේ හවා පොඩි එහා මෙහාවක් ගිය ගමන් ජනතාවට බැනලා ජනතාවගේ පිට වරද පටවලා අත පිහිදා ගන්න තත්ත්වයක්. හැබැයි මිනිස්සුන්ට කොවිඩ් විද්‍යාත්මකව කියව ගන්න අවශ්‍ය තොරතුරු ටික දෙන්නේ නැතිව රසායනාගාර වල පරීක්ෂණ ටික වත් කරන්නේ නැතිව රෝගය පුරෝකථනය කරල ඇත්ත අදහසක් රට තුල නිර්මාණය කරන්නේ නැතිව ජනතාවට එහෙම නිකම්ම බනින එකේ තේරුමක් නෑ. රටේ හැම පුරවැසියෙකුටම ලෙඩ රෝග ගැන විද්‍යාත්මකව කියව ගන්න හැකියාවක් නැහැ. ඒක කරන්න ඕන සෞඛ්‍ය අමාත්‍යාංශය. මේ මොහොතේ ඒක කරන්නේ නැතිව මහජනතාවට බැන බැන ඉන්න එක එක්තරා විදියක ඛේදවාචකයක්. අපි කියන්නේ මේ අඩු පාඩුව නිසාම කෝවිඩ් යලි හිස ඔසවන එක වලක්වන්න බෑ. හැදිච්ච අයට ආයේ කොවිඩ් හැදෙන දවස වෙනකොට එන්නතේ බලය නැති වෙන කාලය වෙන කොට අළුත් ප්‍රභේද එන කොට නැවත කෝවිඩ් පැතිරෙරෙනවා. හැබැයි සැලසුම් සහගතව වැඩ කරොත් ඒක රැල්ලක් විදිහට විශාල ව්‍යසනයක් දක්වා වර්ධනය වෙන එක නවත්තන්න සෞඛ්‍ය අමාත්‍යාංශයට පුළුවන්.

අපි මෙහෙම කියන්නේ අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශය කොවිඩ් විද්‍යාත්මකව කියවගන්න තියෙන තැන් වුවමනාවෙන්ම වලක්වපු තැන් ඉතා පැහැදිලිව පෙනෙන්න තියෙන නිසා. කොවිඩ් පාලනය වෙලාද කියන ප්‍රශ්නයට දෙන්න තියෙන හරිම උත්තරය නම් අපි තවම ඒක විද්‍යාත්මකව කියවල නෑ කියන එක තමයි. අපි එහෙම කියවන්න උත්සහ කරලත් නෑ, එහෙම කරන පාටක් පේනනත් නෑ.

UN




Source link