October 28, 2021

Ada Rata

All news in one location

සෞඛ්‍ය අංශවල විරෝධය නොතකා දිල්ලියේ මත්පැන් අලෙවි සැල්,උද්‍යාන,ක්‍රීඩා පිටි හා එළිමහන් යෝගා මධ්‍යස්ථාන විවෘත වෙයි



සෞඛ්‍ය අංශවල විරෝධය නොතකා ඉන්දියාවේ දිල්ලි නුවර අලෙවි සැල්, උද්‍යාන, ක්‍රීඩා පිටි හා එළිමහන් යෝගා මධ්‍යස්ථාන අද (21) දිනයේ සිට විවෘත කිරීමට ආණ්ඩුකාර අර්වින්ද් කේජ්රිවාල් අවසර දී තිබේ. 

පවතින ආපන ශාලාවලින් වරකට  විවෘත කළ 50%ක ප්‍රමාණයක් බවට වූ ක්‍රමවේදයට යටත්ව ආපනශාලා විවෘත කිරීමට මීට පෙර අවස්ථාව ලැබුණු අතර මේ වන විට ඒවා විවෘතව තැබිය හැකි කාලය තවත් පැය දෙකකින් දීර්ඝ කර ඇති අබ්වයි එරට මාධ්‍ය වාර්තා පෙන්වාදෙන්නේ. 

කෙසේවෙතත් තවදුරටත් කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය නිසි ලෙස පාලනය කර ගැනීමට හැකියාවක් ලැබී නැති පරිසරයක මෙලෙස සීමා ලිහිල් කිරීම ගැන එරට සෞඛ්‍ය අංශ දැඩි ලෙස විරුද්ධත්වය ප්‍රකාශ කර ඇති බව සඳහන්.

එහෙත් දේශපාලන අධිකාරිය විසින් තීරණය කර ඇත්තේ යම් යම් සීමාවන්ට යටත්ව රට විවෘත කිරීම සඳහාය. 

කොවිඩ් 19 ව්‍යාප්තිය හේතුවෙන් එරට මහජන සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටුණු අතර මේ වන වට කොවිඩ් 19 මරණ පවා නිසි ලෙස වාර්තා වී නැති බව එරට සෞඛ්‍ය අංශ පවසා තිබේ.

විශේෂයෙන් බිහාර් ප්‍රාන්තය තුළ මෙම දත්ත නිසි ලෙස වාර්තා නොවීම සම්බන්ධයෙන් මහාධිකරණයට පවා මැදිහත් වීමට සිදුව තිබුණි.

ඊයේ දිනය වන විටත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ කොවිඩ් 19 මරණ වාර්තා කිරීම සම්බන්ධයෙන් බිහාර් ප්‍රාන්තය තුළ මතුවූ ප්‍රශ්න සහගත බව විසඳි නොමැති බවයි. 

ඒ අනුව එම ප්‍රාන්තයේ මරණ වලින් 75,000ක් පමණ වාර්තා වී නොමැති අතර මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් 19 මරණ 388,164ක් ලෙසයි දැක්වෙන්නේ.

එරටින් මේ වන විට වාර්තා වී තිබෙන සමස්ත ආසාදිතයින් 29,935,221ක් ලෙස දැක්වෙන අතර 28,844,199ක් සුවය ලබා ඇති බවද සඳහන්. 

ASK   




Source link