October 27, 2021

Ada Rata

All news in one location

සෝමාලියාවේ තිස් වසරක සිනමා තහනම ඉවතට


තිස් වසරකට පසු සෝමාලියාවේ සිනමා ශාලාවක, සිනමා පටයක් තිරගත කර තිබෙනවා.

ඒ, යුද්ධයෙන් විනාශ වූ දේශයක සංස්කෘතික පුනර්ජීවනයක් ඇති කරමින්.

ඒ අනූව සෝමාලියානු අධ්‍යක්ෂ ඊබ්‍රාහිම් සීඑම්ගේ කෙටි චිත්‍රපට දෙකක් මොගඩිෂු අගනුවර ජාතික රඟහලේදී තිරගත කෙරුණා.

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ එම රඟහල කලක් කඳවුරක් ලෙස ද භාවිත කෙරුණා.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ සිනමා පටය තිරගත කෙරෙන අවස්ථාවේ රඟහල අවට දැඩි ආරක්ෂාවක් යොදවා තිබූ බවයි.

සිවිල් යුද්ධයත් සමඟ 1991 වසරේදී මොගඩිෂු අගනුවර පිහිටි ජාතික රඟහල වසා දැමුණා.

පසුව යුද නටඹුන් අතරට එක්වූ එම රඟහල ප්‍රතිසංස්කරණය කර නැවත විවෘත කෙරුණේ 2012 වසරේදීයී.

එහෙත්, විනෝදාස්වාදය සහ සිනමාව, සදාචාරාත්මක වශයෙන් දූෂිත ක්‍රියාවන් සේ සැළකූ අල් ෂබාබ් සටන්කාමීන් එම ගොඩනැගිල්ලේ කොටසක් පුපුරුවා හැරියා.

අනතුරුව ප්‍රතිසංස්කරණය කෙරුණු රඟහලේ ඊයේ රාත්‍රියේ සිනමා පටයක් තිරගත කෙරුණේ සෝමාලියා වැසියන්ගේ ජීවිත වලින් දුරස්ව තිබූ කලා රසවින්දනය, යළි ඔවුන්ගේ ජීවිත වලට සමීප කරමින්.
(colombotimes.lk)

Viber



Source link