October 25, 2021

Ada Rata

All news in one location

සුරාසැල් විවෘත කළේ කවුදැයි ඇසූ මාධ්‍යවේදියාට ඩලස්ගෙන් සිංහල පාඩමක්!



මත්පැන් යන වචනය සුදුසු නොවන බවත් ඒ නිසා මත්පැන් යන වචනය භාවිතා කිරීමෙන් වැළකී සිටින ලෙස කැබිනට් ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. ඒ වෙනුවට මත් වතුර යනුවෙන් භාවිතා කරන ලෙසයි ඇමතිවරයා ඉල්ලා සිටින්නේ.

සිංහල භාෂා ව්‍යවහාරයට අනුව ජලය සඳහා පැන් යනුවෙන් භාවිතා කරන්නේ උතුම් වූ ජලය යන අරුතින් බවත්, ඒ නිසා ශරීරයට හානිකර මත් වතුර සඳහා පැන් යන යෙදුම කිසි‍සේත්ම නොගැල‍පෙන බවත් ඔහු පවසනවා.

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සුරාසැල් විවෘත කිරීමේ තීරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු සිදුකළ විමසීමට ප්‍රතිචාර දක්වමින් ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

UN




Source link