December 4, 2021

Ada Rata

All news in one location

සිරිල් ගාමිණී පියතුමාගෙන් පැය 08 ක් ප්‍රශ්න කරයි



දෙවැනි දිනයටත් අද (16) සිරිල් ගාමිණී පියතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබිණි. උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි පියතුමා පස්වරුවේ පිටව ගියේ පැය 08 කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුවයි.

ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පියතුමා සඳහන් කළේ නිළධාරීන් විමසූ සියලු ප්‍රශ්නවලට තමා පිළිතුරු ලබාදුන් බවයි. හෙට දිනයේදී නැවතත් පැමිණෙන ලෙස දැන්වූ නමුත් ඊට තම නීතිඥයන් විරෝධය පළකළ බවත්, තවදුරටත් ප්‍රශ්න කිරීමට අවශ්‍ය නම් අද දිනයේදී තමා ඊට සූදානම් බව දැනුම් දුන් බවත් සිරිල් ගාමිණි පියතුමා වැඩිදුරටත් සඳහන් කළේය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන් සමග මෙරට බුද්ධි අංශ නිළධාරීන්ගේ සබඳතාවයක් තිබූ බවට අන්තර්ජාල සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇතැයි පවසමින් බුද්ධි අංශ ප්‍රධානියෙකු වන සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකර තිබිණි. සිරිල් ගාමිණී පියතුමා ප්‍රශ්න කිරීමට කැඳවා තිබුණේ ඊට අදාලවයි.

UN




Source link