December 5, 2021

Ada Rata

All news in one location

සිංගප්පූරුවේ මුතු ඇටය නිසා වැනසුණු ඉන්දියන් සාගරයේ මුතු ඇටයේ සුන්දරත්වය


එකපාරටම හැමෝගෙම අවධානය මුහුද දිහාවට යොමු වුණා. ඒ සිංගප්පූරු නෞකාවක් කොළඹ මුහුදු තීරයට ආසන්නයේම ගිනි ගැනීමකට ලක් වුණ නිසා. මේ නිසා බොහෝමයක් දෙනා මේ ගැන විවිධ මත ප්‍රකාශ කරන්න පටන් ගත්තා.

අද ජගත් පරිසර දිනය වෙනුවෙන් මේ නැව් සිද්ධිය නිසා ශ්‍රී ලංකාවට වුණ හානිය ගැන Colombo Times Blog හරහා කතා කරන්න අපි හිතුවා.

පිරිසක් නැවට සිදුවුණ පාඩුව සහ ලංකාවට සිදුවන පාඩුව ගැන කතා කරනකොට, තවත් පිරිසක් මේ නෞකාව ගිනි ගැනීම නිසා සමුද්‍රිය පරිසරයට සිදුවුණු අපරාධය පිළිබඳ කතා කරන්නට පටන් ගත්තා.

රටවල් දෙකක වරායන් දෙකකින් ප්‍රතික්ෂේප කර තිබියදීත් ලංකාව විසින් භාර ගැනීමට සූදානම් වුණ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නයිට්‍රික් කාන්දුවක් හේතුවෙන් ගිනි ගැනීමකට ලක් වුණ බවට තමයි තොරතුරු වාර්තා වුණේ.

මුළු ලෝකයම දන්න දෙයක් තමයි ශ්‍රී ලංකාව අවට ඉන්දියන් සාගරය ඉතාම සුන්දර සහ මුහුදු ජීවීන් රාශියක් ජීවත්වෙන කලාතුරකින් මුණ ගැසෙන සාගර කොටසක් වෙන බව. ඉතින් මුළු ලෝකයේම අවධානය මේ දෙසට යොමු වුණා.

නැව ගිනි ගැනීම වලක්වන්න ශ්‍රී ලංකාවේ නාවික හමුදාව සහ වරාය අධිකාරිය එකතු වී එකතුවී උත්සාහ ගත්තත් එය හරියාකාරව ඉටු කර ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. මේ හේතුව නිසා නැව සම්පූර්ණයෙන්ම වාගේ ගිනි ගැනීමට ලක් වුණා. ඒ විතරක් නෙමෙයි ගින්න නිවා දැමුවාට පස්සේ ඒ නැව වෙනත් ස්ථානයකට ඇදගෙන යන්න සූදානම් වුණත් නැවේ එක කොටසක් මුහුදු පත්ලේ ගැටෙන විදියට ගිලා බැස්සා. නැවට අයිති විශාල විශාල තෙල් ටැංකියක් තවමත් මේ නැව තුළ තිබෙනවා . එයින් තෙල් කාන්දුවක් සිදු වෙලා නැහැ කියලා තහවුරු කර ගත්තත් කිසියම් මොහොතක මේ මෙය කාන්දු විය හැකියි.

ඒ විතරක් නෙමෙයි මේ ගිනි ගැනීම නිසා ඒ අවට ජීවත්වන මුහුදු ජීවීන් බොහොමයක් බොහෝමයක් මිය ගියා. මිය ගිය මුහුදු ජීවීන් වෙරළට ගසාගෙන විත් තිබුණා. ඒ වගේම නැවේ සුන්බුන් කොටස් රාශියක් මුහුදු වෙරළට ගොඩ ගසා තිබුණා. මේ සුන්බුන් ටොන් ගණනාවක් කන්ටේනර් වලින් වෙනත් ස්ථානයකට රැගෙන ගියා. මෙයින් සිදුවුන හානිය පිළිබඳ තවමත් ගණනය කිරීමක් සිදුකර නැහැ .

ඒ කොහොම වුණත් වුණත් සමුද්රීය සමුද්‍රීය පරිසර සමුද්රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මේ ගැන දැඩි අවධානයකින් සිටිනවා.

නැව ඇතුලෙ තියෙන තෙල් ටැංකි තෙල් දියකර දාන්න පුළුවන් රසායනික ද්‍රව්‍ය අරගෙන ඉන්දීය වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නෞකාවක් මේ වෙනකොටත් කොළඹ වරාය දෙසට යාත්‍රා කරමින් සිටින බව තමයි නාවික හමුදා කපිතාන් වරයා කපිතාන් වරයා ප්‍රකාශ කර තිබුණේ.

කළින් කිව්වා වගේ නයිට්‍රික් අම්ල තියන කන්ටේනර් පෙට්ටි රාශියක් මේ නැව ඇතුලෙ තිබුණා. ඒ කන්ටේනර් පෙට්ටි මුහුදුබත් වුණාට පස්සේ කාලයත් එක්ක මේ කන්ටේනර් පෙට්ටි දිරන්න පටන් ගන්නවා. ඒ දිරන අපද්‍රව්‍ය මුහුදු ජලයත් එක්ක මිශ්‍ර වෙලා විශාල පරිසරික හානියක් සිදුවිය හැකි බව තමයි පරිසර අධිකාරිය ප්‍රකාශ කරලා තියෙන්නේ.

මේ වෙනුවෙන් වන්දියක් ලැබුණත් පරිසරයට, සාගරයට සිදුවන හානිය මෙතෙකැයි කියා නිම කරන්නට බැහැ. මුහුදු වෙරළක් කියන්නේ ඉතාම වැදගත් ස්ථානයක් බව අපි සියලු දෙනාම දැන ගෙන සිටිය යුතු කාරණාවක්. මොකද මුහුදු පැළෑටි ඔස්සේ විශාල ඔක්සිජන් ප්‍රමාණයක් මේ අවකාශයට මුදා හරිනවා. අන්න ඒ ඔක්සිජන් භාවිතා කරමින් තමයි අපි තවමත් හුස්ම ගන්නේ. ඒ නිසා මේ නැව ගිනි ගැනීමත් සමගින් පරිසරයට සිදුවන හානිය විශාල වීමත් සමඟ එය බලපාන්නේ මේ මුහුද අවට ජීවත් වන ජීවීන්ට පමණක් නොවන වග අපි සිහි තබා ගත යුතුයි. මෙය මුළු මානව සංහතියටත් මේ මුහුද අවට කලාපයටත් ඉතාම දැඩි ලෙස බලපාන ගැටලුවක්.

එහි විතරක් නෙමෙයි මුහුද ජීවිකාව කර ගත්තු බොහෝමයක් ධීවර ජනතාවට මේ වෙද්දි ධීවර කටයුතු කර කරගන්න නොහැකිව අසරණ වෙලා තියෙනවා. ඔවුන්ට මුහුදු ගමන් යන්නට මේ කාලයේ තහනමක් පනවා තිබෙනවා. එයට ප්‍රධානම හේතුව වන්නේ මෙම විෂ රසායනයත් සමග සම්බන්ධ වෙලා තිබෙන නිසා එම මුහුදු ජීවීන් ආහාරයට ගතහොත් නිසැකවම මිනිසුන් ද රෝගී තත්ත්වයට පත්විය පත් විය හැකි නිසයි. (colombotimes.lk) | සටහන: Nadee on Colombo Times

The post සිංගප්පූරුවේ මුතු ඇටය නිසා වැනසුණු ඉන්දියන් සාගරයේ මුතු ඇටයේ සුන්දරත්වය appeared first on Colombo Times.



Source link