October 28, 2021

Ada Rata

All news in one location

සෑම් කරන් තම සොයුරාට තදින් බැට දෙයි. ධවන් පිටිය වර්ණවත් කරයි.දෙවනි තරගයේ ජය  දිල්ලියට


මුම්බායි වන්කඩේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ ඉන්දීය ප්‍රීමියර් ලීග් දෙවන තරගයේ චෙන්නායි සුපර් කින්ග්ස්  කණ්ඩායම තම ඕවර විස්ස අවසානයේ කඩුළු 7 කට ලකුණු 188 ලබා ගනිමින් ප්‍රතිවාදීන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කළා.
එහිදී කැපී පෙනෙන සිත් ඇදගන්නා සිදුවීම වුයේ එංගලන්ත ක්‍රීඩක සෑම් කරන් 19 වන ඕවරයේදී තම වැඩිමල් සොයුරු ටොම් කරන්ට එරෙහිව දියත් කළ ප්‍රවේගකාරී පිතිහරඹය යි.පිට පිට 6 පහර දෙකක් සහ හතරේ පහරක් සමඟින් තම වැඩිමල් සොහොයුරාගේ අවසන් පන්දු තුන පිළිගත් වමත් පිතිකරුවා පන්දු 15 කදී ලකුණු 34ක් රැස් කර ගැනීමට සමත් වුණා.


සුරේෂ් රයිනා පන්දු 36 කදී ලකුණු 54 ක් සහ මොයින් අලි ළකුණු 36 ක් තම කණ්ඩායම වෙනුවෙන් ලබා දුන්නා.
පළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලි කැපිටල් කණ්ඩායම් තම පිතිකරු ලැයිස්තුවේ ප්‍රබලත්වය ගැන ඉඟි කරමින් පළමු කඩුල්ල
වෙනුවෙන් ලකුණු 135 රැස් කළා.පන්දු 38 කදී ප්‍රීතිව් ෂෝ රැස්කළ ලකුණු 72 ත්,ශික ධවන්ගේ හැඩකාර වමත් පිතිකරණයෙන් රැස්කළ ලකුණු 85 ත් හේතුවෙන් එක පන්දුවාරයක් ඉතිරිව තිබියදී ම කදුළු 3ක් පමණක් දැවී ලකුණු 189 ජයග්‍රාහි ඉලක්කය පසුකර යාමට දිල්ලි කැපිටල් කණ්ඩායමට හැකියාව ලැබුණා.

image.png


රිශාබ් පන්ට් මෙහිදී 5 වන ලාබාලම නායකයා ලෙස IPL ඉතිහාසයට එක්වුණා.මෙම ජයග්‍රහණය සමඟ දිල්ලි කැපිටල් කණ්ඩායම ප්‍රසාද ලකුණු 2  ක් සහ +0.779 ක දළ ලකුණු වේගයක් රදවා ගනිමින් ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් උණේ RCB කණ්ඩායම 2 වැනි තැනට පත් කරමින්.





Source link