November 27, 2021

Ada Rata

All news in one location

සැත්කමකින් පසුව මුරලි රෝහලෙන් පිටව යයි



රෝගී තත්ත්වයක් හේතුවෙන් ඉන්දියාවේ චෙන්නායි රෝහලකට ඇතුළත් කර සිටි, ලෝක පූජිත දඟපන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මේ වනවි‍ට රෝහලෙන් පිටව ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

හදවතේ රුධිර නාලිකාවක තිබූ අවහිරයක් සඳහා සුළු සැත්කමක් සිදු කිරීමට ඔහු ඊයේ රෝහල්ගතව තිබිණි.

49 හැවිරිදි වියේ පසුවන මුරලිදරන් පසුගිය 17 වැනිදා සිය උපන් දිනය සැමරුවේ.

මේ වනවිට පැවැත්වෙන ඉන්දියානු ප්‍රීමියර් ලීගයේ සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායමේ දඟපන්දු පුහුණුකරු ලෙස මුරලි කටයුතු කරමින් සිටින අතරතුර ඔහු රෝහල්ගත කෙරිණි.

UN




Source link