October 20, 2021

Ada Rata

All news in one location

සහල් මෙට්‍රික් ටොන් 100,000ක් ආනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය


සහල් මෙට්‍රික් ටොන් 100,000ක් ආනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

ඒ, දේශීය වෙළෙඳපොලේ අසාමාන්‍ය ලෙස සහල් මිල ඉහළ යාම වැළැක්වීම සඳහායි.

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කළ එම යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා.

ආරක්ෂක සහල් තොගයක් ලෙස පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් 100,000ක් මෙලෙස ආනයනය කර ගබඩා කර තබා ගැනීමට රජය තීරණය කර ඇති බවයි ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව පැවසුවේ. (colombotimes.lk)



Source link