October 19, 2021

Ada Rata

All news in one location

සහන බෙදන්න ගිය සංවර්ධන නිලධාරිනියකට පිළියන්දල දී පහර දෙයි


පිළියන්දල පොලිස් වසමේ ප්‍රදේශයකදී ඊයේ සවස සංවර්ධන නිලධාරිනියකට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මෙලෙස පහර කෑමකට ලක්ව ඇත්තේ කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනියුක්තව දැල්තර බටහිර ග්‍රාම නිලධාරී වසම භාරව සිටින සංවර්ධන නිලධාරිනියකි.

හුදකලා කරන ලද ප්‍රදේශයක ජනතාවට රුපියල් 5,000ට අදාළ වියළි ආහාර මළු බෙදා දීමෙන් අනතුරුව නිවසට යමින් සිටි අවස්ථාවේදී එම පහරදීම සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු එම පහරදීම සිදුකර ඇති බවට මේ වනවිට අනාවරණය වී ඇත. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකෙරෙමින් පවතියි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ මේ ආකාරයෙන් පසුගිය දෙසැම්බර් 02 වනදා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට බාධා කළ බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ පුද්ගලයෙකු ද අවුරුදු 6ක කාලයක් දක්වා සිරදඬුවමකට යටත් කිරීමට අධිකරණය විසින් නියෝග කරනු ලැබුවා.



Source link