October 18, 2021

Ada Rata

All news in one location

“සයිනොෆාම්” එන්නත් 30 ක් සොරකම් කිරිමේ සිද්ධිය: ඉදිරි විමර්ශන සඳහා අද අධිකරණයෙන් කියූ දේ


හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් රුපියල් 90,000 ක් පමණ වටිනා “සයිනොෆාම්” එන්නත් 30 ක් සොරකම් කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සඳහා දුරකතන අංක නමයක, ඇමතුම් විශ්ලේෂණ වාර්තා ආදාළ දුරකතන සමාගම්වලින් ලබා ගන්නා ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා, හබරාදුව පොලිසියට නියෝග කළා.

මහේස්ත්‍රාත්වරයා නියෝගය ලබාදුන්නේ එන්නත් 30ක් සොරකම්කර ඇති බවට හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කර ඇති පැමිණිල්ල පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කරමින් පොලීසීය කළ ඉල්ලීමකට අනුවයි.

මේ සම්බන්ධයෙන් එන්නත් ප්‍රවාහනය කරන ලද වාහනයේ රියදුරු, එන්නත් භාරව ගිය පරිපාලන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය, සුළු සේවකයෙකු ඇතුලු දස දෙනෙකුගෙන් පමණ මේ වන විට ප්‍රකාශ සටහන්කර ගෙන ඇති බවයි වැඩිදුරටත් අධිකරණයට කරුණු වාර්තා කරමින් පොලීසීය කියා සිටියේ. (colombotimes.lk)



Source link