October 28, 2021

Ada Rata

All news in one location

සයිනොෆාම් එන්නත් සොරකමට අදාල දුරකතන ඇමතුම් විශ්ලේෂණ වාර්තාවක් අධිකරණය ඉල්ලයි


හබරාදූවේ සයිනොෆාම් එන්නත් සොරකමට අදාළව දුරකථන ඇමතුම් විස්ලේශණ වාර්තාවක් ලබා ගැනීමට අධිකරණය පොලීසියට නියෝග කර තිබෙනවා.

පසුගියදා හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයක තිබූ රුපියල් 90,000ක් පමණ වටිනා සයිනොෆාම් එන්නත් සොරකම් කිරීමේ සිද්ධියට අදාලවයි මෙම නියෝගය අධිකරණය විසින් සිදු කළේ.

සිදුවීමට අදාල දුරකථන දුරකතන අංක 9ක ඇමතුම් විශ්ලේෂණය කිරීමට තීරණය කර ඇති අතර එම සිද්ධිය සම්බන්ධයෙන් එන්නත් ප්‍රවාහනය කළ රියදුරු සහ පරිපාලන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය ඇතුළු සේවකයින් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බව පොලිසිය අධිකරණය හමුවේ සඳහන් කළා.(colombotimes.lk)



Source link