October 27, 2021

Ada Rata

All news in one location

සයිනොවැක් පිළිබඳ බරපතල ගැටලුවක් – එන්නත ගත් ඉන්දුනීසියානු වෛද්‍යවරුන් 10 ක් ජුනි මාසයේදී මිය ගිහින්



අග්නිදිග ආසියානු කලාපය පුරා නැවතත් කොවිඩ් 19 වසංගතය හිස ඔසවමින් තිබෙනවා. වැඩිම බලපෑමක් සිදුව තිබෙන්නේ ඉන්දුනීසියාව, පිලිපීනය, මැලේසියාව යන රටවලටයි.

අවසන් දින 07 තුළදී ඉන්දුනීසියාවෙන් ආසාදිතයන් 138,352 ක් වාර්තා වී ඇති අතර එය පෙර සතියට සාපේක්ෂව 53% ක ඉහළ යාමකි. මීට අමතරව පිලිපීනයෙන් 40,171 ක් සහ මැලේසියාවෙන් 39,941 ක් ලෙස අවසන් දින 07 තුළදී ආසාදිතයන් වාර්තා වී තිබේ.

අවසන් දින 07 තුළදී පමණක් ඉන්දුනීසියානුවන් 2733 ක් මියගොස් තිබෙනවා. ඊයේ සහ පෙරේදා යන දින දෙකේදීම එරටින් වාර්තා වූ මරණ ප්‍රමාණය 400 ඉක්මවා ගොස් තිබිණි.

මේ වනවිට එරට ජාකර්තා ඇතුළු ඇතැම් ප්‍රධාන නගරවල රෝහල් ආසාදිතයන්ගෙස් පිරී‍ ගොස් ඇති අතර මරණයට පත්වන පුද්ගලයන්ගේ අවසන් කටයුතු සිදු කිරීමද අර්බුදයක් බවට පත්ව තිබේ.

එරට මුහුණ දී සිටින බරපතලම ගැටලුව වන්නේ දිගින් දිගටම වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයන් ඉතා වේගයෙන් වෛසරයේ ගොදුරු බවට පත්වෙමින් තිබීමයි. ජාත්‍යන්තර ගාඩියන් වෙබ් අඩවිය වාර්තා කරන්නේ ගත වූ මාසයේදී පමණක් ඉන්දුනීසියානු වෛද්‍යවරුන් 26 දෙනෙකු මරණයට පත්ව ඇති බවයි.

මෙම වෛද්‍යවරුන්ගෙන් 10 කට වැඩි ප්‍රමාණයක් චීනයේ නිෂ්පාදිත සයිනොවැක් එන්නතේ මාත්‍රා දෙකම ලබාගෙන තිබූ පුද්ගලයන් බවද ගාඩියන් වෙබ් අඩවිය වාර්තා කරනවා. මෙම තත්වය මත සයිනොවැක් එන්නත සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් මතුව තිබෙනවා. වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට වෙනත් එන්නතක් ලබාදිය යුතුද යන්න සම්බන්ධයෙන් එරට බළධාරීන් විමර්ශන සිදු කරමින් සිටී.

මධ්‍යම ජාවාහි කුඩුස් නගරයේ සෞඛ්‍ය සේවකයන් 500 කට වැඩි ප්‍රමාණයක් පසුගිය සති දෙකක කාලය තුළ ‍ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති අතර ඔවුන් සියලු දෙනාම එන්නත් ලබාගෙන තිබූ පුද්ගලයන් බවයි වාර්තා වන්නේ. ඒ අතර සිටි එක් වෛද්‍යවරයෙකු මියගොස් තිබෙනවා.

ලෝකය පුරා පැතිර යන ඉන්දීය ප්‍රභේදය ඇතුළු නව ප්‍රභේද හමුවේ සයිනොවැක් එන්නතේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ඉන්දුනීසියානු වෛද්‍ය සංගමය ප්‍රශ්න කර තිබෙනවා.

මේ වනිවිට ලොවපුරා බොහෝ රටවල් චීනයේ සයිනොෆාම් සහ සයිනොවැක් එන්නත් භාවිතා කරන අතර ගැටලු බහුතරයක් මතුව තිබෙන්නේ සයිනොවැක් එන්නත පිළිබඳවයි.

‍ගාඩියන් වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කරන පරිදි පිලිපීනයේ එන්නත්කරණ මධ්‍යස්ථානවල ලබාදෙන්නේ කුමන එන්නතද යන්න පිළිබඳව තොරතුරු හෙලි නොකරයි. මේ නිසා එරට ජනතාව එන්නත් ලබා ගැනීම ප්‍රතික්ෂේප කරමින් සිටින අතර පිලිපීන ජාතිකයන් බොහෝදෙනා ෆයිසර් එන්නත පිළිබඳව පමණක් විස්වාසය තබා තිබෙනවා. එන්නත් ලබා ගැනීමට ජනතාව ඉදිරිපත් නොවන බැවින්, පිලිපීන ජනාධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කර තිබුණේ එන්නත් ලබා ගැනීමට ඉදිරිපත් නොවන පුද්ගලයන් සිරගත කිරීමට කටයුතු කරන බවයි.

UN




Source link