January 25, 2022

Ada Rata

All news in one location

සමාජ මාධ්‍ය ජාලවල කථානායකව හඳුන්වන්නෙ කෝපි කඩේ පොළී මුදලාලි කියලා. අපටත් ලැජ්ජයි



සමාජ මාධ්‍ය ජාල සියල්ලම තුළ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාව හැඳින්වෙන්නේ කෝපි කඩේ පොළී මුදලාලි වශයෙන් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසයි. 

“සමාජ මාධ්‍ය ජාලා සියල්ලම තුළ ඔබතුමාව හඳුන්වන්නෙ කෝපි කඩේ පොළී මුදලාලි හැටියට. ඉතිං මං හිතන්නෙ ඒක බරපතළ අපහාසයක්. මොකද අපටත් ලැජ්ජයි පොළී මුදලාලි කෙනෙක් වගේ කෙනෙක් යටතෙද අපි මේ සභාව තුළ හැසිරෙන්නෙ කාරණය මම මතු කරනවා” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

තුෂාර ඉඳුනිල් මහතා මේ බව පැවසුවේ ඊයේ (08) පාර්ලිමේන්තුවේ ඇතිවූ සංවාදාත්මක තත්වයක් මධ්‍යයේ කරුණු දක්වමිනි. 

කෙසේවෙතත් මීට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පැවසුවේ “එහෙම කොහෙවත් සමාජගත වෙලා නෑ, කතානායකතුමාට එහෙම කොහෙවත් ප්‍රවෘත්ති පළවෙලාත් නෑ. කතානායකතුමාට අපහාස කරන්න එපා. ඒක ඉල්ලා අස්කර ගන්න” යනුවෙනි. 

ඇත්තෙන්ම මහින්ද යාපා අබේවර්ධන මහතාට කෝපි කඩේ පොළී මුදලාලි යැයි කීමෙන් බරපතළ අපහාසයක් සිදුවන බව අපිත් පිළිගන්නෙමු. එයින් අපහාස වන්නේ කෝපි කඩේ ටෙලිනාට්‍යයෙහි පොලී මුදලාලිගේ චරිතය රඟපෑ නළුවාටය. 

RN




Source link

hurawatch yesmovies movies7 flixtor fmovies watch32 moviesjoy soap2day gogoanime solarmovie 123 series 9anime putlocker new site bflix myflixer soap2day movies bflix losmovies myflixer soap2day 123series hdtoday primewire ssoap2day putlocker 123movies f2movies 123movie watchseries watchserieshd myflixer movies2watch swatchseries soap2day putlocker fmovies flixhq