October 19, 2021

Ada Rata

All news in one location

සමඟියේ විශ්වාසභංගය අන්තිමට ආණ්ඩුවේ විශ්වාසය තහවුරු කරයි වගේ



සමඟි ජන බලවේගය විසින් උදය ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාවෙන් අන්තිමට ආණ්ඩුවේ විශ්වාසය රැකෙනු ඇති බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහටහ පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (21) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී පැවති පක්ෂ නායක හමුවෙන අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

ප්‍රතිපත්තියක් ලෙසම මෙය අමාත්‍යවරයෙකුගේ ප්‍රශ්නයක් නොව ආණ්ඩුවේ ප්‍රශ්නයක් බවයි අනුර දිසානායක මහතා කියාසිටියේ. 

මේ ආණ්ඩුව මෙන්ම හිටපු ආණ්ඩු තෙල් සංස්ථාවට ඇති කළ විනාශයේ ප්‍රතිඵල දැන් විඳිමින් සිටින බවද ඔහු සඳහන් කරන ලදී. 

එහෙයින් එක් අමාත්‍යවරයෙකුට එරෙහිව ගෙන එන විශ්වාසභංගයෙන් පලක් නොවන බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය. 

 

ASK




Source link