December 4, 2021

Ada Rata

All news in one location

සපුස්කන්නේ දැවි තෙල් ගංවතුරට මුසුවෙයි.. කොළඹ, ගම්පහ පානීය ජලයට මුසුවීමේ අවදානමක්..


June 5, 2021 at 8:40 am | lanka C news

සපුස්කන්නේ දැවි තෙල් ගංවතුරට මුසුවෙයි.. කොළඹ, ගම්පහ පානීය ජලයට මුසුවීමේ අවදානමක්..

අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ දැවි තෙල් වැසි ජලයට මිශ‍්‍ර වී තිබේ.

නාවික හමුදාව සඳහන් කරන්නේ ඒවා කැලණි ගඟට එක් වීමේ අවදානමක් ඇති නිසා එම තත්ත්වය වැළැක්වීමට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි.

දැඩි වර්ෂාපතනය හේතුවෙන් තෙල් පිරිපහදුවේ දැවි තෙල් මිශ්‍රණ අඩංගු ගබඩා ටැංකි තුළට වැසි ජලය ඇතුළු වී පිටාර ගලා ගොස් ඇති බවයි.

එම ඉන්ධන පැතිරයාම වැළැක්වීම සඳහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.

මෙම දැවිතෙල් කැලණි ගඟට එක් වුවහොත් එම ගඟේ ජලය ලබා ගන්නා බියගම සහ අඹතලේ ජල පවිත්‍රාගාර මඟින් පානිය ජලය බෙදා හැරීමටද යම් බලපෑමක් ඇති වුනු ඇත.

එම තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා ඉන්ධන පෙරණයක් මගින් පෙරා ඉවත් කිරීමට කටයුතු කරමින් ඇතැයි ද නාවික හමුදාව කියා සිටී.

2,377 views



Source link